Chapter 12

1.7K 399 205
                                    

" බොලා ටිකිලි ප්‍රිටෝයෝ ලොබ්බ ලොබා ඩෝ... මනස් ප්‍රිටෝ වාරවෙයෝ සිකලි හදා ඩෝං "

මම කැලේ අස්සට යන ගමන් කෝටු කෑල්ලකින් පදුරුවලට ගගහ යන ගමන් කියව කියව යනකොට ජීමින් පිටිපස්සෙන් ලස්සන සුදු අශ්වයෙක් අරන් ආවෙ අපේ පස්සෙන්මයි... ඒ අස්සෙ ඒ අශ්වය උඩ නැගලා කුක්ක ඒකව බදන් අඩනව... මට ඔය වෙලාවෙ හිතුනෙ අශ්වයව කුලප්පු කරන්න.. මොනා උනත් කුක්ක පව්නේ..

" මොකක්ද දැන් බූටක් කෑව කීවට මොකෑ උනේ කීවෙ නෑනේ "

මම මග නැවතිලා ආපහු අශ්වයා උඩ ඉන්න කුක්ක දිහා බලන් කීවේ අත් දෙකත් ඉනෙන් තියාගෙන බැරෑරුම් මූනක් හදන්.. කුක්ක එහෙම්මම ඔලුව ඉස්සුවා... එයා අඩලා ඒ නහය රතු වෙලා පව්...

" අලුතෙන් මෙහෙට්ට ඇවිත්නේ ඇම්තිවරුන්ගේ පුතාලා.. "

" ඔව් ඉතින් "

කෝට්ටක් අරන් මගෙ වටේ කැරකෙන ගමන් කීව ජීමින්ට මම කීවේ... ජීමින් දිහාම බලන්... ඌකැරකෙනව මගෙ වටේ මම ඒක බලන්න ගිහින් දැන් බෙල්ලෙ පොට ගිහින්...

" ඒ ඇමති තුමෙක්ගෙ____

" ඈඈඈඈඈ ඇයි මින්ජි මගෙ අඩුව මොකක්ද? ඇයි එයා එහෙම කලේ "

ජීමින්ට කියන්න දෙන්නෙ නැතුව කුක්ක ආයෙත් අශ්වයව බදාගෙන අඩන්න ගත්තා... ඒ ගමන් කුක්ක ඒ සතාගෙ ලෝමවලින් නහය පිහදැම්මේ මම අප්පිරියාවෙන් බලන් ඉන්නකොට... මේ සතාට තේරෙනවනම් කුක්කව බිම දාලා පාගලා...

" මොකක්ද අනේ උනේ.. "

" අලුත් කොල්ලෙක් ඇවිත් Lee ඇමතිගෙ පුතා... Felix කියලා... උදේ ඉදන් එයත් එක්කලු කියල මේ නැහෙන්නෙ "

" ඒකට ඉතින් බූටක් කාල කියන්න බෑනේ... "

මම ආපහු කෝට්ටක් අරගෙන ඉස්සරහට යන ගමන් කීවා..

" ඒත් එයා මාව ගනන් ගන්නෙ නෑ.. " කුක්ක අශ්වයගෙන් බිමට බැහැලා කීවා... 

" යොන් ගියා කියල මොකෝ ආයෙ වෙන කෙල්ලො නැතුවවැ"
  
    මම කුක්කගෙ පිටට තට්ටුවක් දාලා කියනකොට කුක්ක මූන ඇබුල් කරගත්තා ම්ම දැක්කා...

" මට තරගෙ බලන්න යන්න ඕනේ "

     මම සිටුවේශන් එක වෙන පැත්තකට ගන්න ඕනෙ නිසා කීව මිසක් මම කැමති නෑ ඔය සත්තුන්ට වද දෙන වැඩ බලන්න යන්න...

❗ BIT ME ❗[ Complete ]Where stories live. Discover now