Chapter 2

1.9K 424 35
                                    


" ලැසි ගමන වාගෙ තොල්දෙක පැනි දෝසී දෝසී "

" පුහ්හ්හ් ඔහේගේ තොල්දෙක දෝසී ? "

      ඔෆිස් ටයිම් එක ඉවර වෙලා සිංදුවක් මුමුන මුමුන ආව මම පියවි සිහියට ආවේ මොකෙක්ද එකෙක් මට හිනාවෙනව ඇහුන නිසා...

" ඔහේ ...!!  අනේ මගෙ කුක්කා පැටියා "

    කුක්ක කාර් එකේ බොනට් එකට හේත්තුවෙලා අත් දෙකත් බැදගෙන ඉන්නකොට මම අත් දෙක දෙපැත්තට දාගෙන කෑගහගෙන දුවල ගියේ කුක්කා ඉන්න පැත්තට ඒ මම ලගට යනකොටම බොනට් එකෙන් කුක්ක අයින් උනේ මගෙ වේගෙ පාලනේ කරගන්න බැරුව මගෙ මූන ගිහින් බොනට් එකේ වදිනකොට...

" මොකක්ද ඒ කලේ මෝඩයා " .

      මම ආපහු නැගිටලා නහයත් අත ගගා ඇහුවේ කුක්ක පැත්තකට වෙලා හිනාවෙවී බලන් ඉන්නකොට...

" බ්‍රේක් පොල්ලක් හයිකරගත්තනම් හරි මින්ජි "

    කුක්ක අත් දෙක බැදගෙන කියනකොට මම එහෙම්මම බොනට් එකට නැගලා ඒකෙන් ඉදගත්තෙ කුක්කටත් රවන ගමන්...

" මින්ජි ගමනක් යන් "

    කුක්ක හරි බරි ගැහිලා ශර්ට් එකේ උඩ බොත්තම් දෙක ගලවගන්නකොට මම දන්නව මොකක්ද කියන්න යන්නෙ කියලා...

" ක්ලබ්නම් බෑ කුක්කෝ මට අද මහන්සියි "

" කලගුන සලකන අය ___

" නවත්තගන්නවා මම එන්නම් මල වාතේ "

    මම දන්නව මොකක්ද කියන්න ගියේ කියල ඕක කොහොමත් මම දවසකට හත් අට වතාවක් අහල තියෙනවා... මූනම් සාපයක් ඇත්තමයි...

" අන්න හොද කෙල්ල ඔයා ආවෙ නැත්තම් මම බේරිල ඉන්නෙ කොහොමද මින්ජි "

     කුක්ක කොලර් එකත් උස්සල කියනකොට මම කුක්ක දිහා වට් ද ෆක් බැල්මකින් බලන් හිටියා ඇරෙන්න මුකුත් කීවේ නෑ...

" බී මයි ගර්ල්ෆ්‍රෙන්ඩ් "

" දිරච්ච මාර අත්තක එල්ලෙනවා හොදා ඔයිට වඩා... අදට විතරයි ඒත් අඩි දහයක් දුරින් ඉන්න ඕනේ "

     මම මූනත් ඇදකරන් අත් දෙකත් පපුව හරහා බැදගෙන කියනකොට කුක්කාගෙ මූන සම්බෝලයක් වගේ උනා...

❗ BIT ME ❗[ Complete ]Where stories live. Discover now