Chapter 5

1.6K 406 63
                                    


    මම හිටියේ ලොකුම ලොකු පොකුනක වගේ එකක... වතුර රස්නෙත් ගානට තිබ්බා... ජූයොන් එන්නම් කීවත් මම තනියම ඇවිත් නාගන්නම් කීවේ ටිකක් නිදහසේ ඉන්න ඕනෙ කියල හිතුන නිසා... හොද උනුවතුර ටිකකින් නාගත්ත මම පොකුනෙන් එලියට ආවේ   දැන් ඉතින් මටත් අර වගේ ලෝගුවක් ඇදගන්න වෙයි කිය්ල හිත හිත...

    අපෝ නෑ... මම එච්චර දිග එකක් අදින්න කැමති නෑ කීවා ඒ නිසා දනිස හරියට කොට ලස්සන ගව්මක් දුන්නා... ඒත් ඒ ගව්මත් කලුයි රතු පාටයි.. ඇයි අනේ මෙයාල මේ පාට දෙකට මෙච්චර කැමති මීට වඩා ලස්සන පාට තියෙන්නෙ රෝස පාට එහෙම...

" මින්ජි ඔයා මොනාහරි කාල ඉන්න .. "

    යොන් මට කෑම පිගානක් ගෙනත් දුන්නගෙන් පස්සේ ඒකෙ තියෙන ඒවා එක එක ගානෙ නිරීක්ෂණය කලා...

" හතු ?? "

" හ්ම්ම් කන්න "

    වාව් මම ආසම කෑමක් හතු කොහෙන් උනත් කමක් නෑ කටට දෙකට ගිලල දැම්මා... දවස් ගානකින් කාල නෑ වගේ බඩත් ඇකිලිල මම කැහැටු ගැහිල හිටියේ ...  කාල ඇදුමට උඩින් බඩ ටිකක් අතගෑවේ බඩ කෑගහනව ඇහුන නිසා... පනු මල්ලිල ටිකට කෑම එක මදි වෙලා වගේ... කමක් නෑ කොල්ලගේ ඉක්මනට මේ අන්ද බූත ජාතකෙන් ගැලවිලා ගියාම බඩ පුපුරනකන් කන්න දෙන්නම්කෝ ....

" නිදාගන්න මින්ජි... හෙට අපිට කරන්න වැඩ තියෙනවා... "

    යොන් එහෙම කියලා පිගානත් අරගෙන මගෙ කාමරෙන් යන්න ගියේ මට බයයි මේකෙ ඉන්න... මොකෙක් හරි ඇවිත් මගෙ බෙල්ල කෑවොත් අනේ දෙවියනේ... හුරා කූබියෙකුටවත් වරදක් කරල නැති මට මුකුත් කරන්න එපා..

" මේ.මේ... ජූයොන් "

" ඔව් කියන්න "

      යන්න ගිය ජූයොන්ව මම නවත්තගත්තෙ බැරිවෙලාවත් මහ රෑ දෙගොඩ හරියෙ මට සූ බරක්වත් ආවොත් මම මොකෝ කරන්නෙ තද කරන් ඉදලා බොක්ක පිපුරුවොත්... ඒ ඇරත් ඇදේ සූ ගියොත් මම ඇදේ සූ කරගන්න පොඩි එකෙක් කියල කුක්ක මාව මාස ගානක් යනකන් පල් කරයි... 

" මේ..මේ මාත් එක්ක ඉමුද ?"

    මම ගොත ගගහා මොංගල් හිනාවක් දාගෙන අහනකොට ජූයොන් හිනා උනා..

❗ BIT ME ❗[ Complete ]Où les histoires vivent. Découvrez maintenant