මගෙ අත් දෙක ගියේ හියුන්ගේ පන නැති කකුල් දෙකට.මේ කකුල් දෙක අල්ලලා වැද වැද සමාව ඉල්ලුවත් මට මදි...ඇයි මට බැරි වුනේ ඔයා යන් කියපු වෙලාවේ ඔයා එක්ක එන්න???ඇයි බැරි වුනේ අර ගෑනිට කෑ ගහන වෙලේ එක පාරක් ඔයා දිහා හැරිලා බලන්න??ඇයි හියුන් ඇයි??මං හියුන්ගේ කකුල් දෙක අල්ලගෙන පැය ගානක් අඩන්න ඇති,කොච්චර ඇඩුවත්,කොච්චර පසුතැවුනත් දැන් වැඩක් නෑ...මගෙ හියුන්ට ආයේ එයාගෙ කකුල් දෙකෙන් හිට ගන්න බෑ...!!!!
අඩලා අඩලා හති වැටුනු මම අසිහියෙන් වගේ ගියෙ හේසෝක් හියුන්ගේ කැබින් එකට.
අහ් ජන්කුකා උබ ආවද?මං දන්නව මේක අමාරුයි. ඒත් අපි ඇත්තටම මූණ දෙන්න ඕනි.උබ මේ වෙලාවේ වැටිලා හරියන් නෑ..තේරුනා??ඒ නිසා හිත හයිය කරගන මං කියන දේ සිහියෙන් අහගන හිටපන් හොදද .........
.
.
.
.
.
.
.
.
.
.
.
.
ආහ්හ්හ්......ඇයි දෙයියනේ මගෙන්ම මෙහෙම පලිගන්නේ?මම මොකද්ද කරපු වැරැද්ද?මේ හැමදේම ඇයි එක පිට එක මටම වෙන්නේ....මේ හැමදේම දරා ගන්න තරම් මම ශක්තිමත් නෑ.....මේක දරා ගන්න තරම් ඔයාගෙ කුකී හයිය නෑ හියුන්....ප්ලීස් ඒ නිසා එහෙම වෙන්න එපා ප්ලීස්...!!After 2 days
දවස් දෙකක් තිස්සෙ හියුන් ගාවට වෙලා එයා එක්ක කොච්චර කතා කරත්,නැගිටින්න කියලා කොච්චර කිව්වත් එයා නැගිට්ටේ නෑ.වෙලාවකට ඔයත් හරිම නපුරුයි හියුන්....ඔයාගේ මල්ලිට ගොඩක් රිද්දනවා නේද??කමක් නෑ මම දරා ගන්නම්....මගේ හියුන් වෙනුවෙන් මම දරා ගන්නම්......
දවස් දෙකකට පස්සේ මම අකමැත්තෙන් උනත් ගෙදර ආවේ හියුන්ට ඕනි කරන බඩු වගයක් අරන් යන්න.මේ ගෙදර පිරිලා තියෙන්න මගෙයි හියුන්ගෙයි පිස්සු වැඩ වලින්.වයස විසි හයක් වුනාට නටන්න ගත්තම එයා පොඩි එකෙක්ටත් අන්තයි. මේ ගේ අස්සේ අපි දෙන්නා ඕනි තරම් මොන්ටිසෝරි වැඩ කරලා ඇති...ඕනි තරම් ගොන් වැඩ කරලා බඩ කොර වෙනකම් හිනා වෙලා ඇති..
අම්බෝ අපිට පිස්සු නේද ඕයි...මොනවද යකූ මේ කරන්නේ...??
කරන්න තියෙන ඔක්කොම ඔලමොට්ටල වැඩ ටික කරාට පස්සේ අපි දෙන්නගෙම කටින් පිටවෙන්න ඕක...අනේ මට ආයි ඒ විදියට ජීවත් වෙන්න ඕනි...මට ආයෙත් ඒම පිස්සු නටන්න ඕනි...ඊට පස්සේ ඔයාට ගගහා හිනා වෙන්න ඕනි...මට මගේ අලමෝචිව ආපහු ඕනි...I miss u soo much Hyung......
සිතිවිල්ලෙන්ම කාමරේට ගිහින් ක්ලෝචස්ට් එක ඇරිය මගේ ඇහැ ගියේ
ඒකේ උඩම තිබ්බ තඩි මිකී මවුස් කෙනෙක් ඉන්න කලු පාට ටීෂර්ට් එකට.මේ ලෝකේ හියුන් වැඩිපුරම ආස කරන්නේ,ආදරේ කරන්නේ,පරිස්සම් කරන්නේ ඕක.මම වත් ඕක අදිනවට හියුන් කැමති නෑ.ඒ මගෙ පොකට් මගේ පොකට් මනී එකතු කරලා ඉස්සෙල්ලම හියුන්ගෙ උපන්දිනේට දුන්න තෑග්ග ඕක නිසා.මං ඕක ඉල්ලනකොටත් "ඕක දෙන්න බෑ.තවුසෙ මඩ කනයා වගේ කොහේ හරි මල ජරාවක ගිහින් ඉදගන ඕකෙ කුණු ගානවා."කියලා මූණත් පුම්බගන ගිහින් කබඩ් එකට දාලා දොර වහනවා.ඒ තරම් එයා ආදරෙයි ඒකට.ඒ ටීෂර්ට් එක දැක්කට පස්සේ මට කෑ ගැහිලා ඇඬුනා.ඒක පපුවට ගුලි කරගෙන පැය ගානක් මම ඇඬුවා.මගේ ඇස් දෙක අඬලම දැවිල්ලයි.ඒත් අතොරයක් නැතුව වැටෙන කඳුලු නවත්තන්න මට කිසිම ඌමනාවක් නෑ.
ඇද පාමුල අඬ අඬ ඉදපු මාව ගැස්සිලා ගියේ මගෙ රිගින්ග් ටෝන් එකට.කෝල් එක හේසෝක් හියුන්ගෙන්.දෙපාරක් නොහිතා මම කෝල් එක ආන්සර් කලා.
"ජන්කුකා.....ජිමිනට සිහිය ආවා....."
YOU ARE READING
My powerless Hero || Completed ||
Fanfictionඇයි හියුන් මට අමතක වුනේ ඔයාටත් කවුරුත් නෑ නේද කියලා ඇයි මට හිතුන් නැත්තෙ ඔයාටත් පාලු ඇති නේද කියලා ඇයි මට බැරි වුනේ ඔයාව පරිස්සම් කර ගන්න මට සමාවෙන්න හියුන්......හැමදේකටම ඔයා තමයි මගේ වීරයා.... බල රහිත වුනත් මගේ වීරයා..... ⚠️Not a BL story ⚠️
chapter 2
Start from the beginning