21~ Unxpected Confession

Start from the beginning
                                    

කොහොමද?? කොහොමද ජන්කුක්ට ඒක කියන්නේ... කොහොමද කට ඇරලා විවාහ යෝජනාවක් ගැන ජන්කුක් එක්ක කියන්නේ... තාම ජන්කුක් එක්ක මේ ගමන යන්න පටන් ගත්තා විතරයි... ටේහ්‍යොන්ග්ට ඕන වුනේ නෑ මේ තරම් ඉක්මනට ඒ ගමන නවත්තන්න... ඒක ජන්කුක්ටත් ඕන නෑ කියලා ටේහ්‍යොන්ග් හොදටම දන්නවා...

"ටේහ්‍යොන්ගී එ.. එයා ලස්සනයිද" ජන්කුක්ගේ තොල් අතර ලස්සන හිනාවක් තිබුනා වුනාට පපුව වේගෙන් ගැහෙන විදිය ටේහ්‍යොන්ග්ට දැනුනා... ටේහ්‍යොන්ග් ඇස් දෙක තද කරලා වහාගත්තා...

"කවුද ජන්කුක්" ජන්කුක් අහන්නේ කවුරු ගැනද කියලා දැන දැනම ටේහ්‍යොන්ග් ඒක ඇහුවා... තවමත් ටේහ්‍යොන්ග් ජන්කුක්ව මහා පාර මැද බදාගෙන හිටියා එලියේ  සීතල වුනත් ඒ හදවත් දෙකම උණුසුම් වෙලා තිබුනා...

"අහ්හ් එයා.. එයා ටිකක් ලස්සනයි" ටේහ්‍යොන්ග් කිව්වම ජන්කුක් තොල් ටේහ්‍යොන්ග්ගේ උරහිසට තියලා තද කරා... "අහ්හ්හ්" ජන්කුක්ගේ උණුසුම් තොල් කබායට උඩින් වුනත් උරහිසෙන් දැනෙනකොට ටේහ්‍යොන්ග් සිහින් විදියට කෙදිරිගෑවා...

"ඔයා එයාව දැකලා තියෙනවා ඒ කියන්නේ" ජන්කුක් හොරයක් අල්ලගත්තා වගේ කියනකොට ටේහ්‍යොන්ග් හිනාවුනා...

"ඇත්තටම එක දවසක් දැක්කා, එයා ලස්සනයි ඇත්තටම ලස්සනයි, ඒත් ඔයා විස්වාස නොකරත් මම මේක කියන්න ඕන ජන්කුක් ඔයා තරම් කවුරුත් ලස්සන නෑ, ඔයාගේ ඇග ඔයාගේ ලස්සන මූණ ඒවා ඇත්තටම හැමදේකටම වඩා මම ලස්සනට දකිනවා" ජන්කුක්ව පිටිපස්සේ තිබ්බ බිත්තියට හේත්තු කරපු ටේහ්‍යොන්ග් බිත්තියට අතක් තියාගෙන අනිත් අතින් ජන්කුක්ගේ කම්මුලක් සිනිදුවට අතගෑවා...

"ටේහ්‍යොන්ගී මේ අහන්න ඔයා ඒක කරන්න ඕන, මම කියන දේ ඔයාට තේරෙනවා කියලා මම දන්නවා, ඔයා දන්නවද මට කියන්න මට කියන්න ඔයා මට ආදරෙයි නේද" ටේහ්‍යොන්ග්ගේ කම්මුල් දෙකෙන් අල්ලගත්ත ජන්කුක් ටේහ්‍යොන්ග්ව ලගට ඇදලා ගත්තා...

"මම ඔයාට ආදරෙයි ජන්කුකී" ජන්කුක්ගේ කම්මුල අල්ලන් හිටිය අත අරගෙන ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ හීනී ඉනෙන් අල්ලගත්තා...

soul keeper ||vkook||Where stories live. Discover now