♡ 04

212 78 4
                                    

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

"හන්සු!!"

ජිමින් ගෙදරින් පිට උනත් හරි හිතේ තිබුන නොසන්සුන් ගතිය නිසා සායිවා ගියේ හන්සු එක්ක කතා කරන්න.

"සායිවා?"

කලන්තේ දාන්න ඔන්න මෙන්න ඉන්න සායිවාව ඇගට හේත්තු කරගෙන ඇවිත් මෙට්ටෙට බර කරපු හන්සුගෙ ඔලුවෙ ප්‍රශ්න කීයක් තිබුනත් එයා සායිවාට කතා කරන්න වෙලාව දුන්නා. 

"හන්සු.. ජ්..ජිමින්.. ජිමින්.. ජන්කුක්ව හොයන්න ගියා.. මම හිතන්නෙ එයා.. මාලිගාවට.."

"මොකක්? ඒ කොහොමද? කොයි වෙලේද ගියේ? ඇයි නැවැත්තුවේ නැත්තෙ? යන තැනක් කිව්වේ නැද්ද?"

"හන්සු එයා මට කිව්වේ ඉක්මනට එනවා කියලා ඒත්.."

සායිවා පපුවට තුරුලු කරන් හිටපු ජිමින් යන්න කලින් තියලා ගිය කොලේ හන්සුට දුන්නා.

ඔම්මා,

මම යන්නෙ ජන්කුක්ව හොයන්න. ඒක ඔම්මා දන්නවා. මට එන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ ඔම්මා. මට රජතුමා එක්ක කතා කරන්න ඕන. සමහරවිට දොරටුව ගාවින්ම උල තියාවි. නැත්නම් එල්ලන්නත් පුළුවන්. රජතුමා ඉස්සරහට යන්න ලැබුනොත් මම එයාට කියනවා ජන්කුක්ව හොයලා දෙන්න කියලා.

මම ඔම්මාට බොරු කලේ නෑ. නොකියා හිටියා විතරයි. මට සමාවෙන්න.

ආයේ ආවත් නාවත් මම ඔම්මා එක්ක ඉන්නවා. හැමදාම. ජන්කුක් නැතුව ජීවත් වෙන්න ඕන නෑ ඔම්මා මට. අප්පාටත් කියන්න මම සමාව ඉල්ලුවා කියලා. මම ගැන බය වෙන්න එපා ඔම්මා. පරිස්සමට ඉන්න.

ජිමින්.

"දෙයියනේ ජෝන්!! සායිවා එන්න. අපි යන්න ඕන."

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

ѕανє мє • мιηgυк [¢σмρℓєтє∂]Where stories live. Discover now