🔴PART - 25🔴

Start from the beginning
                                    

අපි මුලින්ම අකමැති උණත් හ්‍යුන්ග්ලා ඔක්කොමලා පස්සෙ අපිට බල කළා. අනූට උන දේ ආපහු කාටවත් වෙන්න දෙන්න බැරි නිසා අපි අපේ මාෆියා නැවැත්තුවා.

________________________________

මම ආපහු ඒ මතකෙන් මිදුණෙ මට කෝල් එකක් ආව නිසා . මං ඒ කෝල් එක කට් කරලා ආපහු පාරක් බැලුවෙ මං ගෙනාපු සුදු පාට ලිලී මල් පොකුර දිහා .

"ලස්සනයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ලස්සනයි................😔 "

මං සාමාන්‍යයෙන් මෙතනට ආවහම පැය ගානක් ඉදලා යන්නෙ . ඒත් අද විශේෂ මීටින්ග් එකක් තිබ්බ නිසා මට වැඩි වෙලාවක් අනූ ළගට වෙලා ඉන්න හම්බුණේ නෑ. ආපහු අනූගෙ සොහොන උඩින් අතක් තියල ටික වෙලාවක් බලං හිටියෙ එයා දිහා . පස්සෙ මං නැගිටලා එතනින් ආවෙ ඔෆිස් එකට යන්න.

එදා හ්‍යුන්ග්ලාගෙ කීමට අපි මාෆියා නවත්තලා දැම්මා. මාත් දැන් දවස් දෙක තුනකට කලින් මගෙ හ්‍යුන්ගෙ කීමට එයා එක්ක ඔෆිස් එකේ වැඩ වලට සම්බන්ධ උණා . කෙල්ලො තුන් දෙනත් එයාලගෙ ඔප්පලා එක්ක කම්පැනිස් වල වැඩ බලා ගන්නවා . ජිමිනුයි ජන්කුකුයිත් එයාලගෙ අප්පලා එක්ක එයාලගෙ කම්පැනි බලා ගන්නවා . අනූ නැති වුණාට පස්සෙ මේ පොඩි කාළෙ ඇතුළත අපි හත් දෙනාගෙ ජීවිත සම්පූර්ණයෙන් අනිත් පැත්ත හැරුණා . එදා අපේ අත්වල තිබ්බෙ ගන්ස් , බ්ලේඩ්ස් නැත්නම් වෙනත් ආයුධ . ඒත් අද , අද තියෙන්නෙ පෑන් , පොත් , ඩොකියුමන්ට්ස් . අපේ BB ගැන්ග් එකේ හත් දෙනා තාම ජිවත් උණේ ශොක් වෙලා වගේ . අඩු ගානෙ අපි එදායින් පස්සෙ හිණා වුණේ වත් නැති තරම් . අපිට හිනා ගියත් හැමෝම හිත ඇතුළෙන් ඊට වඩා සිය දහස් පාරක් අඩනවා.

එහෙම හිත හිත එන කොට මං කම්පැනි එක ළගට ආවා කියලා මට වත් දැනුනෙ නෑ. ඉක්මනින් කාර් එක පාක් කරලා මීටින්ග් රූම් එකට දුවග්‍ර්න ගියේ ඒ වෙද්දිත් විනාඩි දහයක් මං පරක්කු නිසා. මං දොරත් ඇර ගෙන ඇතුළට එනකොට හැමෝම නැගිටලා මට ආචාර කරද්දි මමත් බොරු හිණාවක් දාගෙන ගිහින් ඉද ගත්තා. මට නම් මේ ලෝකෙට පේන්න බොරුවට හිණා වෙන එක එපා වෙලා තිබ්බෙ . ගොඩක් වෙලාවට මං ඔෆිස් ආවත් කරන්නෙ කැබින් එකට වෙලා කල්පනා කරන එක ....

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now