"ඔව් එයා රූම් එකේ...."

"හරි මම යන්නම් මිස් සෝරා...."
මැදිවියේ පසුවන මිස් සෝරට කටපුරා හිනාවක් පා කරපු ටේහ්‍යුන්ග් ජිමින්ගෙ රූම් එකට ගියා..

ජිම්න් ටේහ්‍යුන්ග් කියන්නේ පොඩි කාලෙ ඉදන්ම යාලුවො..ජිමින්ගෙ තාත්තගෙ හොඳම යාලුවගෙ පුතා තමයි ටේහ්‍යුන්ග් කියන්නේ..ජිමින්ගෙ අම්මා එයා පොඩි කාලෙදිම නැති උනාට පස්සේ ජිමින්ව බලාගත්තෙ එයාගෙ නැනී මිස් සෝරා..

ජිමින්ගෙ තාත්තට වඩා එයා ගොඩක් සමීප උනේ මිස් සෝරට..ජිමින්ගෙ තාත්තා බිස්නස් වැඩ වලට ගොඩක්ම රටින් පිට හිටපු එක ඒකට හේතුවක් උනා..

ඒ වගේම එයාලා ගොඩක් පෝසත් පවුලක්..ජිමින්ගෙ මුරණ්ඩුකම් වලට වගේම සෙල්ලක්කාරකමටත් ඒක ලොකු හේතුවක් උනා..

ටේහ්‍යුන්ග් ජිමින්ගෙ රූම් එක ළගට ඇවිත් දොරට තට්ටු කලා..කාමරේ ඇතුලට වෙලා ලොකු වැඩකට කාර්යබහුල වෙලා හිටිය ජිමින් දොරට තට්ටු කරන සද්දෙ ඇහෙද්දි එයාගෙ වැඩේ නවත්තලා ආපු එකාට දෙස් දෙවොල් තියන්න ගත්තා..

"ජිමිනා...මේ දොර ඇරපන්......."

ටේහ්‍යුන්ගෙ කටහඩ ඇහෙනවත් එක්ක ජිමින් ඇදෙන් බැහැලා ආවා..

"ගෝඩ් ඩෑම්....!!! ෆක් දිස් මදර් ෆකර්....."

ජිමින් ජාතිය අමතන ගමන් දොර ඇරියා.

ටේහ්‍යුන්ග් ජිමින්ගෙ උඩ ඉදන් යටටම බැලුවෙ මේ මොනා බලුකමක් ද වගේ මූණකින්..

"වරෙන් ඇතුළට...." කටත් ඇරගෙන තමන්ගෙ කලවා දිහා බලාගෙන ඉන්න ටේහ්‍යුන්ග්ගෙ අතින් ඇදලා අරගෙන ජිමින් දොර වහලා දැම්මා..

"ඒ්හ්...උබ මං එනවා කියලා දැනගෙන මාව රේප් කරන්නද ඔහොම ඇදුම් ගලවගෙන ඉන්නේ...අනේ මාව රේප් කරන්න එපා ඕයි..උබ වගේ කොටෙක්ගෙ අතින් රේප් වෙන එක මගෙ ආත්ම ගරුත්වෙට හොඳ නෑ....."

ටේහ්‍යුන්ග් කියද්දි ජිමින් ටේහ්‍යුන්ග්ගෙ බ්‍රේක් නැති කට අතින් වහලා දැම්මා..

"ප්ලීස්...ඔය කටවහගනින් බන්...."

ජිමින් ටේහ්‍යුන්ගෙ කට මිරිකලා කිව්වා..

"ඕකේ..ඒත් ඇයි මේ ඇදුම් නැතුව..උබ අරහෙම එකක් කරන ගමන් ද හිටියෙ....."

Professor Jeon | Jikook | On Hold Where stories live. Discover now