🔴PART - 14🔴

Start from the beginning
                                    

නිසූ නම් ඇහැරෙද්දි එයා කෙළින්ම දැක්කෙ ජන්කුක්ගෙ මූණ.

Nisu : අම්මෝ මේ යකා මෙතන මොනා කරනවද... ආ..........

Jk : මොකද කෑ ගහන්නෙ.... මගෙ කන...

ජන්ග්කුක් ඇසුත් භාගෙට අරින ගමන් එහෙම කිව්වා.

Nisu : මං ඇදන් හිටපු ටී ශර්ට් එක කෝ....

Jk : ආහ්... ඒක මං මාරු කළා...

Nisu : මොකා.........ක් ඔයාට පිස්සුද. ලැජ්ජ නැද්ද.... මහ මොකෙද්ද මංදා...

Jk : මොංගල්ද... ඊයෙ ඔයාගෙ ඔය තුවාලෙ පෑරිලා ලේ ඇවිල්ල තිබ්බා. මං ඕකට ආපහු මැහුම් දාලා මගෙ ටී එකක් ඇන්දුවා. ඒක ලේ පිටින් ඇදන් ඉන්න බෑනෙ...

Nisu : ඈ....... ඔයාද මට බෙහෙත් දැම්මෙ. මේ .... බොරු කියන්න එපා.... අජුම්මා නේද මගෙ ටී එක මාරු කළේ....

Jk : මෙහෙ ගෑණු අය එක්කෙනෙක් වත් නෑ. මං ඇස් වහන් මාරු කළේ... හරිද දැන්වත්.....

Nisu : ඈහ්..😥

Jk : හා හා බලන් ඉන්නෙ නැතුව ඔන්න ඔය ඇදුම දාගෙන පහලට එනවා.

එහෙම කියලා එයා පහලට ගියා .

Nisu : අනේ දෙවියනේ.... මගෙ ඇදුම මාරු කරන්න මේ ගොන් අලියව මද ඔබ තුමාට පෙනුනෙහ්..... කමක් නෑ. දෙවියොත් මට දෙන්නෙම ආතල් නෙහ්.

එහෙම කිය කියම එයා වොශ් දා ගන්න ගියා.

ඒ අතරෙ අනූ නැගිටලා එහාට මෙහාට හැරිලා හිමින් ඇදෙන් බැස්සා.

Anu : අපොයි.. ඊයේ මොකද්ද උණේ ඩාලින් . ආහ් ඕන එකක්. මං මේ ඉන්නෙ ගලේ ගැහුවා වගේ. සස්සන.

එයා හිමීට වොශ් එකක් දාගෙන ඇවිල්ලා කබඩ් එකෙන් ඇදුමක් තෝරන්න ගත්තා.
එයා ඇදුම් ඔක්කොම බිමට දාලා එක එක ඇගට තිය තිය බැලුවෙ කොහෙද ඉන්නෙ කියලවත් හරියට නොදැන. කිසි බරක් පතලක් නෑ.

අන්තිමට එයාට ලස්සන gucchi ටී එකක් හම්බුණා . කෙල්ල ඒකත් ඇදගෙන එතනින් කලිසමකුත් ඇදගෙන අර රෙදි ටික ආපහු අල්මාරියට ඔබලා අමාරුවෙන් දොර වැහුවා . අච්චර ලස්සනට නමලා තිබ්බ ටේහ්‍යුන්ගෙ ඇදුම් ටික. දැන් නම් අල්මාරිය ඇරියම ඔක්කොම රෙදි බිමට වැටිලා අරින කෙනාට වදිනවා වගේ සීන් එකක් තියෙන්නෙ.

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now