🔴PART - 13🔴

Start from the beginning
                                    

Jimin : කව්ද අර පිටිපස්සෙන් එන ගෝතයො ටික....

Jin : පොඩ්ඩක් ඉන්න වෙන්නෙ මොකද්ද බලනකන් මුලින්ම .

මං වචනෙකින්වත් මොනවත් කතා නොකර බලාගෙන හිටියෙ ඒ කෙල්ලො හතර දෙනා දිහා. මගෙ ඇස් එක පාරටම ගියේ අනූට. අර මනුස්සයා කෙල්ලො හතර දෙනාට ලං වෙනකොට අනූ එකපාරට මැද්දට පැනලාමොනවද කිව්වා. ඒත් එක්කම අර මනුස්සයා අනූගෙ බෙල්ලෙන් අල්ලලා එතන තිබ්බ බිත්තියට හේත්තු කළා.
මගේ අත් දෙක මිට මෙළවිලා ගියේ මටත් නොදැනී. ඒ පාර අනිත් කෙල්ලො තුන් දෙනා කෑ ගහන්න ගත්තා. එතකොටයි මං දැක්කෙ අර මනුස්සයා අනූව කිස් කරන්න යන්නෙ කියලා. මං තප්පරේට ගන් එක ලෝඩ් කරලා ඒ මනුස්සයගෙ ඔළුවටම ශූට් කළේ ඒ මනුස්සයගෙ ඔළුව පුපුරලා යන්න. ඒ එක්කම ඒ මනුස්සයා බිමට වැටුණා. ඒ එක්කම අනුත් බිමට වැටුණා . ජන්කුකුයි ජිමිනුයි ජිනුයි අනිත් අයවත් එක තප්පරේට ඉවරයක් කරලා දැම්මා. එහෙම්මම මං දුවලා ගියේ අනූ ගාවට . අනේ මංදා ඇයි කියලා. මං කවදාවත් කිසිම කෙල්ලෙක් ගැන මෙහෙම වද වෙලා නෑ. මෙච්චර බය වෙලාත් නෑ.

ජන්කුක් නිසූගෙ උරහිසේ තිබ්බ තුවාලෙ ඉක්මනින් ගැට ගැහුවා. මිනිහත් හොදටම බය වෙලා කියලා ඒ මූණෙන් පෙණුනා. ඔව් ඉතිම් එයාගෙ ක්‍රශ් එක නේ.

ජිමින් නම් අඩනවා දැක්ක පළවෙනි පාර . එයා එහාව බදාගෙන ඇඩුවා. ඒත් කෙල්ලට මෙලෝ දෙයක් දැනුනා කියලා මං හිතන්නෙ නෑ. මොකද එයාත් ඩ්‍රග්ස් නිසා සිහි නැති වෙන්න ඔන්න මෙන්න හිටියෙ.

ජිනුත් ඉක්මනින් ලකී ගැන බැලුවා . එයා ලකිව උස්සගෙන අපිට කෑ ගැහුවෙ ඉක්මනින් එතනින් යමු කියලා. මොකද ඒ වෙන කොටත් අපි අතින් එතන මිනී මැරුම් පහ හයක් සිද්ද වෙලා තිබ්බෙ . අපි ඉක්මනින් එතනින් ආවෙ මොකද , අපි ඒ වෙලාවෙ එතනට ගියේ BB ලා විදිහට නෙවේ. සාමාන්‍ය කොල්ලො හතර දෙනෙක් විදිහට. අඩු ගානෙ මාස්ක් එකක් වත් අපි දාන් හිටියෙ නෑ.

මොනා වුනත් මං හිතන්නෙ කොල්ලා ලකීට.............

ආහ්... මං ඔව්වා දන්නෙ නෑ.

ජින් ලකීව කාර් එකට දැම්මා. ජිමිනුත් ඒහාව එක්කන් ගිහින් කාර් එකට නැග්ගා. එයාලා ගියාට පස්සෙ . මාත් ජන්කුක් එක්ක නිසුයි අනූවයි එක්කගෙන ඩ්‍රොම් එකට යන්න පිටත් උණා. ටික දුරක් යනකොට අනූට තිබ්බ සිහියත් නැතුව ගියා කියලා මට දැනුනෙ එයා අල්ලගෙන හිටපු මගෙ අත බුරුල් උණ නිසා.

LOVE & MAFIA  1|| Sinhala ✅Where stories live. Discover now