Chapter 16

788 180 79
                                    

එදා දවස ගෙවිලා ගියේ හීයක වේගෙන්. ටේනූ එදා කාමරේ තනි උන එක එහෙමමයි. වෙදදුරුතුමා ඇරෙන්න වෙන කා එක්කවත් කතා කරන්න ටේනූ කැමති උනේ නෑ.

එයාට ටේ එක්ක කතා කරන්න ඕන උනත් ටේ ආවෙත් නෑ. අද රෑ දොලහට ටේනූ ආයෙමත් එයාගේ කාලෙට යනවා. එයාගේ ඔම්මා අප්පා දකින්න ලැබෙන එක ටේනූට සතුටක් උනත් ටේනූගේ හිතේ ඒ සතුට වහගත්ත ලොකු දුකක් තිබුනා.

ටේනූ හිටියේ රෑ දොලහෙ කනිසම වැදෙනකන් උද්‍යානයට වෙලා.

හද පායගෙන ඇවිල්ල තිබ්බත් තාම සම්පූර්න හද පායලා තිබ්බේ නෑ.

ටේනූ හද දිහා බලාගෙනම බිමින් වාඩි උනා. එයාට ඕන නෑ යන්න. යන්න හේතු දාහක් තිබ්බත් එයාට නවතින්න තියෙන හේතුව ඊට වඩා ලොකු උනා. තාමත් ටේනූට වෙලාව තිබ්බා ඔක්කොම දමලා ගහලා ටේ ගාවට දුවලා යන්න.

ඒත් එයා ඊයේ ටේට කිව්ව දේවල් එක්ක ආයේ ටේ ලගට යන්න තියා ටේ දිහා බලන්නත් එයා ලැජ්ජ උනා. එයාගේ වචන වලින් ටේට කොච්චර රිදුනද කියලා දැනීමක් ටේනූට තිබ්බේ නෑ.

එයා හිතුවේ ටික දවසකින් ඒ දුක නැතිවෙලා යයි කියලා. ඒත් එතන තමා එයාට වැරදුනේ.

තව විනාඩි කිහිපයකින් රාත්‍රී දොලහේ කනිසම වදිනවා.

වෙදදුරු කිව්ව විදියටම ටේනූ ලෑස්ති වෙලා හිටියේ කනිසම වැදුනු ගමන් ඔරලෝසුවේ කටුවක් කරකවන්න. ඒකෙන් ටේනූව ආයෙමත්ගෙදර යවයි කියලා හැමෝම විස්වාස කලා. 

කුමාරයා ටේනූ උද්‍යානයේ වාඩි වෙලා හද දිහා බලන් ඉන්න විදිය ඉහල මාලේ ඉදන් බලන් හිටියා. කුමාරයාටත් ඕන නෑ ටේනූට යන්න දෙන්න. ඒත් එයාගේ හිතේ තිබ්බේ ටේනූව නවත්තගන්න එයාට තියෙන අයිතිය මොකක්ද කියලා.

( a/n අනේ ඕක ඔච්චර දෙයක් ඈ. සෙබළු දැම්මා ටේනුව අල්ලගත්තා.ඔරලිඔසුව උදුරගෙන කැඩුවා. සරලයි පහසුයි. 😌 )

එකපාරටම වැදුනු දොලහේ කනිසමත් එක්ක ටේනූ කලබල උනා. එයා කලින්ම ඉදන් දැක්කා ටේ උඩ ඉදන් එයා දිහා බලන් ඉන්න හැටි. ඒ දිහා බලාගෙන තමන්ගේ ආදරේ මුමුනපු ටේනූ ඔරලෝසුවේ කටු කැරකුවා.

ඒත් එ කරුවලේ ඒක දකින්න ටේ  vampire කෙනෙක්වත් wolf කෙනෙක්වත්  නෙමේ.

𝕋𝕣𝕒𝕧𝕖𝕝 𝕋𝕠 ℙ𝕒𝕤𝕥  ( Completed ) Where stories live. Discover now