Chapter 14

823 174 46
                                    

Taehyung pov

මං කුටියෙන් එලියට ආවේ තවත් එතන හිටියොත් මට තරහා යනවා කියලා තේරුනු නිසා.

ඇයි එයාට තේරුම් ගන්න බැරි. ඇයි එයාට තේරෙන්නේ නෑ වගේ ඉන්නේ. මගේ හිතේ තියෙන දේවල් එයාට කියන්න් මං කොච්චර නම් දේවල් කලාද ? මං කොච්චර නම් එයාට ලන් උනාද ? ඒත් එයා කලේ ඒ හැමවෙලේම පැනලා ගිහිල්ලා කිසිදෙයක් නොතේරෙන ගානට හිටපු එක.

මාත් නොදැනිම මගේ කකුල් මාව ගෙනල්ල තිබ්බෙ මන්ඩපේට. මෙතන තමයි මං දුක හිතුනා තරහා හිතුනු ඕනම වෙලාවක එන තැන.

මම එනකොට එතන හිටිය සේරම නාටිකාන්ගනාවෝ නටන්න ගත්තා. එයාලා මගේ අතින් එක එක පාන වර්ග ගෙනත් තියනකොට හිතලා බලන්නේ නැතුව ඒ හැම එකම එක හුස්මට මම බීලා දැම්මා.

නාටිකාන්ගනාවෝ කොච්චර ලස්සන්ට නැටුවත් ඒ දිහා බලන් ඉන්න තරම් හිතේ නිදහසක් මට තිබ්බේ නෑ.

මගේ ලගටම ආව නාටිකාන්ගනාවක් මට පානයක් පිලිගන්වනකොට මං දැක්කේ දොර ගාවින් එබෙන ටේනූව. ඒ ඉන්නේ ටේනුම තමයි. කොච්චර බීලා හිටියත් මට මගේ ටේනූව අදුරගන්න පුලුවන්.

ඔයාට මාව රිද්දන්න පුලුවන් නම් මටත් පුලුවන් ටේනූ. මම මගේ ලගටම නැවිල හිටිය නාටිකාන්ගනාවගෙ තොල් වලින් අල්ලගන්නකොට ඒ නාටිකාන්ගනාවත් මගේ හාදුවට ප්‍රතිචාර දැක්කුවා.

නාටිකාන්ගනාවගෙන් ලැබෙන සහයෝගෙත් එක්ක හාදුව දුරදිග යන්න ගියත් මං ඉක්මනටම නාටිකාන්ගනාවව පැත්තකට තල්ලු කලා . නාට්‍යාන්ගනාව මගේ දිහා පුදුමෙන් වගේ බලන් ඉන්නකොට මං එතනින් එලියට ආවේ දැන් ටේනූගේ මූන බලන්න ඕන නිසා.
හහ් එයාට විතරද මට රිද්දන්න පුලුවන්.

මං මන්ඩපෙන් එලියට එනකොට මගේ පස්සෙන් සෙබළු කිහිපදෙනෙකුත් ආවා.

මං කුටිය ඇතුලට යනකොට ඒක කලුවරයි. ටේනූ තාම ඉටිපන්දම් පත්තු කරලා නැද්ද ? නැත්තන් නිදිද ?

මං ඇද ගාවට යනකොට දැක්කේ ඇදේ හාන්සි වෙලා ඉන්න ටේනූව.

මං ටේනූ ගාවට ගිහිල්ලා එයාව මගේ පැත්ත හැරෙව්ව.

හැබැයි එතන හිටියේ මම කොහෙත්ම බලාපොරොත්තු උන කෙනෙක් නෙමේ. එතන හිටියේ සනා.

𝕋𝕣𝕒𝕧𝕖𝕝 𝕋𝕠 ℙ𝕒𝕤𝕥  ( Completed ) Where stories live. Discover now