Chapter 8

946 188 114
                                    

Taehyung pov

මං උදේ නැගිටනකොට මගේ ඔලුව උඩ ගලක් අතෑරලා වගෙ දැනුනා.

ආශ් ඇයි මං බිව්වේ. 😒😒

මං කාවද එතකොට මේ බදන් ඉන්නේ. ටේනූවද ? එතකොට මං එයාට කැමති කියලා ඊයේ කිව්වද ? එයත් මට කැමතියිද ? නැත්තන් ඉතින් මාව බදාගෙන ඉන්නෙත් නෑ නේ. හැමදාම වගේ මැදට දාන කොට්ට තාප්පෙත් මෙතන නෑ. ☺️

මං හිමීට ඔලුව උස්සලා බැලුවේ ටේනූ නිදාගෙන ඉන්නවා බලන්න.

ඒත් ඒත් එතන හිටියේ සනා කුමරිය. එයා මොනවද මෙතන කරන්නේ. කො මගේ ටේනූ.

මම මින් සනා කුමරියව පැත්‍තකට තල්ලු කරා.

මන් එහෙම නැගිටිනකොට මං දැක්කා සනා කුමරිය අමරුවෙන් නැගිටිනවා.

" මීයානිමිදා ඔයා මොනවාද මෙතන කරන්නේ කියලා දැනගන්න පුලුවන්ද ? කොහේද ටේනු ? "

මන් අහනකොට සනා මං ගාවට ඇවිදන් ඇවිල්ලා මාව හයියෙන් බදාගත්තා. මං හිටියේ වෙන්නේ මොනාද කියලා හිතාගන්න බැරුව.

" අනේ කුමරුනි ම හැර දා නොයන්න. මං මං ඔබට සත්‍ය වශයෙන්ම ආලය කරනවා "

සනා කුමරිය මාවතව ටිකක් හයියෙන් බදා ගන්නකොට මං එයාව ඉක්මනට ඈත් කලේ ටේනූ දැක්කොත් වැරදියට හිතන නිසා.

" මීයානේ සනා කුමරියනි. මා ආලය කරන්නේ  ටේනුට පමණි. "

මං එහෙම කියනකොට සනා කුමරියගේ ඇස් වලින් කදුලු කඩා හැලෙන්න ගත්තා.

එයා දුර්වලයි වගේ.

" ඔබතුමා දන්නවද ඊයේ ඔබතුමාට තුවාල උනාම මමයි ඔබතුමාට බෙහෙත් කලෙ. ඇය නෙමෙයි. ඔබේ ඇගේ තිබුනු විශ අයින් කිරීමට මගේ ශක්තියෙන් භාගයකට වඩා මම වැය කරා. එහෙත් ඔබ ආලය කරන්නේ ඇයට පමනද ? .ඇය මොනවද ඔබට කරලා තියෙන්නේ. මා නොවේද මෙතෙක් කල් ඔබ සමගම සිටියේ. ඔබ මට ප්‍රේම නොකර කෙසේව ඇයට ප්‍රේම කරන්නෙ............ "

අවසාන ටික කියනවත් එක්කම මගෙ ඉස්සරහා හිටිය සනා කුමරිය සිහි ඇතුව වැටුනා.

මං එයාව ඇදෙන් තියලා වෙදදුරුට කතා කරා.

එතුමා කිව්වෙත් සනා කුමරිය කිව්ව දේමයි. ඇගෙ බලයෙක් බොහෝ ප්‍රමාණයක් මා වෙනුවෙන් වැය කරලා.

𝕋𝕣𝕒𝕧𝕖𝕝 𝕋𝕠 ℙ𝕒𝕤𝕥  ( Completed ) Where stories live. Discover now