ඒ නිසාම කුමාරයා වෙද්දුරු මාලිගේ ඇතුලට ඉක්මනින්ම ඇවිදන් ගියා.

" අහ් කුමරුනි "

වෙදදුරු හාන්සි වෙලා ඉන්න ටේනූගේ එහා පැත්තේ වාඩි වෙලයි හිටියේ. එහෙමම නැගිට්ට වෙදදුරු නැගිටලා කුටියෙන් එලියට ගියේ කුමාරයා ටේනු දිහා බලන් ඉන්නකොටමයි.

ටේනුගේ ඔලුවේ මොනවද මොනවත ඔතලා තිබ්බා.

ටේ ටේනූගේ ඔලුව දිහා බලාගෙනම ටේනූගේ එහාපැත්තෙන් වාඩි උනා.

" ටේනූ......... "

ටේ හිමීට කතා කලත් ටේට ටේනුගෙන් කිසිම ප්‍රතිචාරයක් හම්බවුනේ නෑ.
තුවාල වෙල තියෙන ටේනූගේ ඔලූව හිමීට අතගාන ගමන් ටේ ආයෙමත් ටේනූගේ නම කියලා කතා කරේ ඇස් වලින් කදුලු වැටෙද්දිමයි.

ටේනූගෙන් ප්‍රතිචාරයක් නැති තැන කුමාරයාගේ හිතේ  එක එක සිතුවිලි ඇති වෙන්න ගත්තා.

" ටේනූ මං දන්නවා ඔයා අහන් ඉන්නෙ කියලා. ඔයා මාත් එක්ක තරහා වෙලාද ඉන්නේ හවස වෙච්ච දේට. ඒක ඇත්‍තටම මං හිතලා කරපු දෙයක් නෙමේ. ඒක ඔයාට ඉරිසියා හිතෙන්න කරපු දෙයක්. වෙන කිසිම දෙයක් නෑ. දැන් තරහ නැතිව නැගිටින්නකෝ "

ටේ එයාගේ ඇස් වලින් කදුලු පිහිදගන්න ගමන් කියවනකොටවත් ටේනූගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නෑ.

" ටේනු මං දන්නවා ඔයා තාමත් අහන් ඉන්නේ. මට ඔයාට කියන්න දේවල් ගොඩක් තියෙනවා. ඔයාට ඒවා අහන්න ඕන නැද්ද ? ඔයා ඕප දූප හොයන්න් අසයි නෙ මගේ මැනික. දැන් නැගිටින්නකෝ. "

ටේ ආයෙමත් කියෙව්වත් තාමත්  ටේනූ තද නින්දක.

" හරි එහෙනම්. ඔයා මුකුත්ම කියන්න ඕන නෑ. මං කියන දේ අහගෙන ඉන්න. මට මේක ඔයාට කියන්න ඕන උනේ ඔයාව දැක්ක පලවෙනි දවසෙමයි. ඒත් මට හිතුනා මං එහෙම කිව්වොත් ඔයා මාව වෙනස් විදියකට දකී කියලා. ඔයා හිතන්න ඇති මං ඔයාව සනාගෙන් බේරෙන්න පාවිච්චි කලා කියලා.

නෑ කොහෙතම එහෙම නෑ ටෙනූ. මං ඔයාට ලන් වෙන්න සනාව හේතුවක් කරගත්තා. ඔයත් එක්ක හිටිය හැම දවසකම මං ඔයාව තේරුම් ගන්න උත්සාහ කරා. මගේ ආදරේ ඔයාට දැනෙන්න දුන්නා.

𝕋𝕣𝕒𝕧𝕖𝕝 𝕋𝕠 ℙ𝕒𝕤𝕥  ( Completed ) Wo Geschichten leben. Entdecke jetzt