මං මගේ බාශාවෙන්ම කියනකොට ටේ නිකන් මගේ දිහා බලන් හිටියේ සතෙක් දිහා බලනවා වගෙ . මූ යකෝ.

" දැන් ඔබේ නිවස ශිල්ලාවේහි නොවේද ? "

ඇයි දෙවියනේ ඇයි මටම මේම වෙන්නේ. මං දැන් මේ අනූතන මානවයට මං ආව විදිය කියලා දෙන්න ඕනද ?

ඇයි මේ මනුස්සයට සනාව බැඳගෙන ඉන්න බැරි.

මාත් ආදරෙයි තමා මේ අවලමාට ඒක ඉතිම් එකට ඉන්න බැරි නම් අහවල් මගුලකට නිකන් සාපෙකට අහුවෙලා මැරෙන්නද ?

සාපයක් නෙමේ මොන මගුල ආවත් එකට ඉමු කියන ලයින් එක මං ගාව නෑනේ.

මං ටේව පැත්තකින් වාඩි කරලා ටේට කිව්ව මට පුලුවන් විදියට පැහැදිලි කරලා.

ඒත් ටේගෙන් මට ලැබුනේ නොහිතපු විදියේ ප්‍රතිචාරයක්.

ටේ හයියෙන් හින වෙන්න ගත්තා බිම පෙරළි පෙරළි ටේ හින උනා.

ඒත් එයා නැගිටිනකොට එයාගේ ඇස් වල තිබ්බ කදුලු වලින් මට තේරුනා එයා බොරුවටයි හිනා වෙලා තියෙන්නේ කියලා. අඩන්න බැරි කමට.

( ස්මයිල් ඉන් පේන් කියන්නෙ  ඕකට තමයි )

" ඔයාට මාව දාලා යන්න ඕන නම් කියන්න තිබ්බා. මොකටද බොරු කතා හදන්නේ 😒 "

ටේ මගේ දිහා කෙලින් බලාගෙන අහනකොට මං ටේට රැව්වේ මේ බූරුවාට මොලයක් දුන්නේ නැති එකට දෙවියොන්‍ට බනින ගමන්.

" තේරෙන්නේ නැත්තන් මට කරන්න දෙයක් නෑ මට ගෙදර යන්න ඕන "

මං අත් දෙජත් බැදගෙන කියනකොට එකපාරම උනෙ මං හිතුවේ නැති දෙයක්.

ටේ එකපාරම මාව උස්සලා එයාගේ කර උඩින් දාගත්තා. මේ මනුස්සයට පිස්සුද නැත්තන් මං දේවල් මවා ගන්නවද ?

හැබැයි ටේ ඊලගට කිව්ව එකෙන් මේක ඇත්තටම වෙනවා කියලා මට තේරුනා.

" ඔයා කොහෙන් ආවත් ඔය කිව්ව කතා ඇත්ත උනත් බොරු උනත් ආයේ යන්න දෙන්නේ නෑ මගේ දේවල් මගේ විතරයි "

මොනාද මේ මනුස්සයා කියවන්නේ. බීලා ඇවිල්ලාවත් ද ? මං කවද්ද එයාගේ දේපලක් උනේ. මම මගේ. 😌.  මේක හරියන්නේ නෑ අප්ප. බිලද කියලා බලන්නත් බෑ මගේ මූඅ මේ මනුස්සයාගේ පිටේ නේ.

𝕋𝕣𝕒𝕧𝕖𝕝 𝕋𝕠 ℙ𝕒𝕤𝕥  ( Completed ) Where stories live. Discover now