🦋කොටස 46🦋

861 217 29
                                    

ජිමින්ගේ හිතේ එක එක දෙවල් හොල්මන් කරන්න ගත්තේ හේජින්ගේ මේ ප්‍රශ්නේ නිසා..ඒත් ජිමින්ගේ එකම සැනසීමට කාරණාව වුනේ හේජින් කිසි දෙයක් දන්නේ නෑ කියලා කොල්ලා හිතපු එක....

ජිමින් office  එකේ වැඩ ඉවර කරලා ගෙදර ආවා...එද්දි හේජින් ජිමින් ලගට දුවගෙන ආවේ ජිමින්ගේ ඇගට පනින ගමන්...

"මොකද මේ අද..."

"නිකන්..."

හේජින් ජිමින්ගේ කම්මුලට කිස් එකක් දුන්නේ ජිමින්ගේ මූණේ හිනාවක් ඇදෙද්දි ....

"ජන්කුක් දැන්ද ගියේ..."

"හ්ම්ම් ඔව්....ඔයා වොශ් එකක් දාගෙන එන්න ඉක්මනට dinner  එක අරන් නිදා ගමු...අදනන් මහන්සි පාටයි මගේ කොල්ලගේ මූණ..."

"ඔව් අද වැඩ ගොඩයි බබා..."

ජිමින් වොශ් එකක් දාගෙන ඇවිත් දෙන්නත් එක්කම dinner  එක ගත්තා...

"බබා ඔයා ගිහින් නිදා ගන්න...අනිද්දට ඉවර කරන්න ඕන වැඩක් තියනවා....මම ඉක්මනට එන්නන්..."

"කමක් නෑ ඔයා වැඩේ කරන්නකෝ මමත් මෙතනින් වාඩි වෙලා ඉන්නන්...ඔයාට disturb  නෑනේ..."

"කැමැත්තක් එහෙනන්...ඉන්නකෝ..."

ජිමින් වැඩක් කරන්න ගිහාම අනිත් දේවල් අමතකයි..ඊටත් වඩා මේ ජින්ගේ project  එකේ වැඩේ....කොල්ලා මේකට ඕනාවටත් වඩා මහන්සි වෙනවා....

හේජින් කම්මුලට අතකුත් තියන් බලන් හිටියේ ජිමින් දිහා...

"බබා.."

"හ්ම්ම්.."

"Coffee එකක් ගේන්නද..."

"හ්ම්ම්.."

ජිමින් අවදානෙ වෙනස් නොකරම හේජින්ට උත්තර දුන්නා...coffee  එකකුත් හදන් ඇවිත් කෙල්ල ජිමින්ගේ ළගින් තිබ්බා...

"බබා ඔයා ගිහින් නිදා ගන්න..."

"මම කරදර කරේ නෑනේ ඉතින්..."

"නෑ ඉතින් මෙතන බොරුවට ඉන්න ඕන නෑනේ ....."

"කමක් නෑ...🙂"

ජිමින් වැඩේ ඉවර වෙනකන්ම කෙල්ල ළගටම වෙලා හිටියා..පාන්දර දෙක විතර වෙනකන් ඉදලා දෙන්නම ගියේ ඇදට...

CEO PARK ᯾𝐏𝐉𝐌᯾sɪɴʜᴀʟᴀ FғᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now