🦋කොටස 41🦋

Start from the beginning
                                    

"හරි හරි ...😒"

ජිමින් ගෙදරින් එළියට ගියා...

කෙල්ල දවල් වෙනකන් ගෙදර තිබුන වැඩක් කරලා ලෑස්ති වුනේ යන්න....

කෙල්ල taxi එකක් අරන් ගියේ ජිමින්ට කියපු තැනටනන් නෙමේ...

හේජින් ගියේ wedding  එකට juwellery  ගන්න ගිය juwellery  shop එකට...එතන හිටපු මනුස්සයෙක්ගෙන් ඇහුවේ shop එකේ අයිතිකාරයා ගැන..ඒ මනුස්සයා ඇතුළට ගිය ගමන් හේජින් ළගින් ඇවිත් වාඩි වුනේ කලු පාටම ඇදගෙන හිටපු මනුස්සයෙක් ඒ මදිවට මූණ පේන්නේ නැති වෙන්න මාස්ක් එකකුත් දාලා....හේජින් වැඩිය ඒ මනුස්සයා දිහා බැලුවේ නෑ...ටික වෙලාවක් එතන ඉදගෙන ඉදලා ඒ මනුස්සයා එතනින් නැගිටලා ගියා...

👤මැඩම් මේ පැත්තෙන් එන්න...සර් කිව්වා මැඩම්ව එක්කන් එන්න කියලා...

හේජින්ව office  එකක් වගේ තැනකට එක්කන් ගියා...එතන හිටියේ එදා ජිමින් එක්ක කතා කරපු juwellery shop එකේ අයිතිකාරයා ...

"එන්න දුව ඇතුළට...ඇයි මේ මාව හොයාගෙනම ආවේ..."

"මට දෙයක් දැනගන්න පුලුවන්ද ..."

"ඔව් කියන්න මොකද්ද දැන ගන්න ඕන.."

ඒ එක්කම කෙල්ල අර චේන් දෙක ඒ මනුස්සයගේ ඉස්සරහෙන් තිබ්බා...

ඒ මනුස්සයගේ මූණ එකපාරටම වෙනස් වුනා...ඒ එක්කම ඒ චේන් දෙකම අතට ගත්තේ පුදුමෙන් වගේ..."

"මේ ඒවම තමයි..."

"Uncle මට මේ ගැන විස්තර කියන්න...මේ ගැන මොනව හරිම දෙයක් දන්නවද..."

"ඔව් හුගක් හොදට දන්නවා...ඒත් මේවා ඇයි මගේ ළගට අරන් ආවේ..."

"එදා uncle  කිව්ව විදිහට මගේ husbandගේ ඔම්මගේ juwellery  හැදුවේ ඔයා...ඒකයි මේ ගැන ඔයා මොනවා හරි දන්නවා කියලා මට හිතුනේ..."

"ඔයා හරි..මේවා හැදුවේ මම... මගේ ජීවිත කාලෙම හදපු වටිනම චේන් දෙක මේක...මම හිතන විදියට දකුණු කොරියාවේ විතරක් නෙමේ ලෝකෙම මෙහෙම චේන් දෙකකට තියෙන්නේ  ඔය දෙක විතරයි ....."

"කවුද ඔයාට මේවා හදන්න කිව්වේ..."

"මේවා හැදෙව්වේ Mi jeong  මැඩම්...මැඩම්ගේ wedding  එක දවසේ තෑග්ගක් හැටියට මේ තියන පළිගු තෑගි ලැබුනේ මැඩම්ගේ හොදම යාලුවගෙන්...මැඩම් මේවා මගේ ළගට අරන් ඇවිත් එක ජාතියේ චේන් දෙකක් හදන්න කිව්වා..ඒත් එකම ජාතියේ වුනාට මේකේ කැටයම ටිකක් වෙනස්...මේක නිතරම දකින කෙනෙක්ට ඇරෙන්න ඒකේ වෙනස අදුරගන්න බෑ...මේ පළිගු කැපුවේ මගේ අතින්මයි....මම හිතන්නේ මේ එකක් මැඩම් තියාගෙන අනික යාලුවට තෑගි කරා..."

CEO PARK ᯾𝐏𝐉𝐌᯾sɪɴʜᴀʟᴀ FғᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now