Part 8.....🩸

756 101 13
                                    


කලින්ම ගියපු නිසා ගොඩක් දෙනෙක් ඇතුලේ හිටියේ නැහැ.ඒ නිසා නිදහසේ ඉදගෙන ඉන්න පුලුවන් උනා.ඒත් සියෝන්ගී පටන් ගත්තේ ටේහ්‍යුන්ග්ගේ හොද කියන්න.

සියෝන්ගී-: "අම්මෝ.....මේ..යෙන්සූ"
"ඒයි....කතා කරන්නකෝ.."

"කියන්නකෝ..."

සියෝන්ගී-: "මේ...මම මේ නිකමට අහන්නේ..මේ..මේ"

"මේ..මේ..ගාන්නේ අහන්න."

සියෝන්ගී-: "නෑ..මම අහන්න හැදුවේ...නෑ එක්කෝ ඕන නෑ.."

"මොකක්ද අහන්න හැදුවේ.කියන්නකෝ.."

සියෝන්ගී-: මං දන්න විදිහට ජීවිතේ පලවෙනි වතාවට නේ කොල්ලෙක් බදාගත්තේ.ඉතින් ඔයාට මොකක්ද දැනුනේ..නෑ මං අහන්නේ මොන වගේ හැගීමක්ද දැනුනේ."

සියෝන්ගී එක දිකට කියවගෙන ගියා.එයා කියපු විදිහට මට හිනා යන්න ආවත් මම ඒක පාලනය කරගෙන හිටියා.

"දැන් ඒකද අහන්න දැගලුවේ."

සියෝන්ගී-: "ඔව්"

"මොන වෙන්නද?.මම හිතුවේ හුස්ම හිරවෙලා මැරෙයි කියලා ඒ අල්ලන් හිටපු විදිහට."

සියෝන්ගී-: "ආව්ව්ව් ආව්ව්ව්.කෙල්ල රතු වෙලා"

"මොකද ආ..."

සියෝන්ගී-:"හරි ඉතින් එහෙම හරි එයා නිසා ඔයා බේරුනානේ."

"ඔව් ඉතින්.මම එයාට thank කලා."

"හරි හරි..මේ අපි කැන්ටින් එකට යමු.බඩගිනී වගේ."

සියෝන්ගී එහෙම කියලා මාවත් ඇදගෙන කැන්ටින් එකට ගියා.යනකොට සේහූයි සේහුගේ යාලුවොයි table එකක වාඩීවෙලා කෑම කනවා.අපි දෙන්නා කෑම එක ඕඩර් කරලා table එකකින් වාඩි උනා.කෑම කන අතරතුරේ සේහූ ඇවිත් උස්සරහා තිබුනු පුටුවෙන් වාඩී උනා.ඒත් මම නොදැක්ක ගානට කෑම එක කන ගමන් හිටියා.

සේහූ-: "ආආ..කොහොමද ඉතින්..අර පෙන්දා ඇවිත් බේරගත්තා කියලද මේ තරම් ලොකුකම.

"පෙන්දා..කව්ද පෙන්දා"

මම සේහූ එහෙම කියනවත් එක්කම ඇහුවා.

සේහූ:-"අර කෙල්ලොන්ට පැනි හලන එකා."

"අහ්..මේ දැන් මගේ ඉස්සරහා කතා කරන එක්කෙනාද?.

𝐒𝐖𝐄𝐄𝐓 𝐁𝐋𝐎𝐎𝐃🩸(completed)Where stories live. Discover now