සියෝන්ගී-: "ආ...ඒකද මේ.හරි අපි යමු.ඒක නෙවේ අද අපි දෙන්නට වෙනමනේ ඉන්න වෙන්නේ.පාලුයි නේ ඒම ඉද්දී."

"හ්ම්ම්..ඒකනේ."

මම සියෝන්ගී අහන හැමදේටම කෙටි උත්තර දුන්නා.මොකද ටේහ්‍යුන්ග් මං ගැන මොනවා හිතන්න ඇතිද කියලා එවෙලෙත් කල්පනා උනා.

සියෝන්ගී-: "හරි.එහෙනම් good night යෙන්සුවෝ...උදේට හම්බෙමු.දෙන්නටම එකේ ඉන්න බෑනේ.උදේ වෙනකොට මේක ගැලවිලා ඇගේ තියෙයි.හරි ඔයත් යන්න."

එහෙම කියලා හිනා වෙලා එයා එයාගේ tent එකට ගියා.මමත් ශීට් එක අරගෙන tent එක ඇතුලට ගියා.නිදියගත්තත් නිදි මතක්නම් තිබුනේ.ඒ මදිවට කකුල ටිකක් රිදෙන්න ගත්තා.ඊට වඩා වේදනාවක් දැනුනු කලින් උනු සිද්දිය නිසා.මම කම්මුලත් අල්ලගෙන ඇස් දෙක පියාගත්තා.කම්මුල ගිනි ගන්නවා වගේ දැනුනා.එහාට මෙහාට පෙරලී පෙරලී පැය බාගයක් වගේ හිටියා.

ටේහ්‍යුන්ග් pov-:

tent එකට ආවත් මට නිදි මතක් තිබුනේ නෑ.බෑග් එක නිසා ඉඩත් ටිකක් මදී.අනික මගේ මනස හරි නොසන්සුන්.මම බෑග් එක ඇතුලින් තියලා ආය එලියට ආවා.හැමෝම නිදි.ඒත් මම ටිකක් වටපිට බලලා ගිනිමැලය ලග බිමින් වාඩී උනා.ඒ වෙනකොට 11.30 ට විතර ඇති.මම ගිනිමැලේට තව දර ටිකක් දාලා ඉදගෙන ගිනි මැලය දිහා බලාගෙන හිටියා.මට මතක් උනේ මම දැකපූ දේ....

.
.
.
.

යෙන්සූ pov:

මම පෙරලි පෙරලී හිටියත් නිදි මත කියන එක මගේ අහලකවත් තිබුනේ නෑ.මේක ඇතුලට වෙලා ඉන්නවට වඩා හොදයි කියලා හිතුන නිසා මම ටිකක් එලියට ආවා.මොකද හිත ගොඩක් නොසන්සුන් වගේ දැනුනු නිසා.මම ගිනි මැලය ලගට ඇවිදගෙන ගියා.ඒ අතර මං දැක්කේ කවුරු හරි එතන ඉදගෙන ඉන්නවා.පිටුපාලා හිටිය නිසාත් කලුවර නිසාත් කව්ද කියලා හරියට පෙනුනේ නෑ.ඒත් එතන ඉන්නේ ටේහ්‍යුන්ග් කියලා මට තේරුනා.මට නින්ද යන්නෙත් නෑ.මට ටේහ්‍යුන්ග් ඉන්න නිසා යන්න හිත දුන්නෙත් නෑ.ඒත් මම වැරැද්දක් කලේ නැත්නම් ඇයි ලැජ්ජා වෙන්නේ.ඇයි බය වෙන්නේ.එහෙම හිතලා මම හිමිහිට ඇවිදගෙන ගියා.ටේහ්‍යුන්ග් ඉදගෙන හිටපු තැනට ටිකක් මෙහායින් මම වාඩී උනා.ඒත් ටේහ්‍යුන්ග් හැරිලවත් බැලුවේ නෑ.එයා මාව නොදැක්ක ගානට හිටපු විදිහටම බලාගෙන හිටියා.මමත් කිසි දෙයක් නොකිය ගිනිමැලය දිහා බලාගෙන හිටියා.ටිකවෙලාවකින් මම ටේහ්‍යුන්ග් දිහා බැලුවා.පිලිමයක් වගේ ගිනි මැලය දිහා ඇස් පිය නොහෙලා බලන් ඉන්නවා විතරයි.

𝐒𝐖𝐄𝐄𝐓 𝐁𝐋𝐎𝐎𝐃🩸(completed)Where stories live. Discover now