කුකුළා😑

1.6K 401 245
                                    


දිනක් උදැහැනැක්කේම බාල්දිය අතට ගත් මම සරමත් කැහැපට ගසා ගෙන සංවර ගමනින් වැව දෙසට පිය මනින්නට වූයේ බෝඹු කෝටුවක්ද කටේ ගසාගෙනය .

වැව අසලට එන විට දුටු පලමු දසුනින්ම මාගේ හදසන්තානය කිති කැවී යන්නට විය. නාන මංකඩ අසල වූ ගලක් උඩ හිදගෙන රෙදි සෝදමින් සිටියේ මාගේ නෙත් සිත් වසග කරගත් ඒ සුන්දර තරුණිය යුන්ජිය.

වෙනදා මෙන්ම ඇය මල් මල් වැටුණු රතු චීත්තයකින් සැරසී සිටි අතර වැව් ජලයට තෙමී තෙත බරිත වූ ඒ මල් මල් චීත්ත රෙද්ද යුන්ජි කැකුලියගේ සිනිදු සුදු මුදු ඇගට ඇලී තිබුනේ ඇගේ පංච කල්‍යාණියේ සුන්දරත්වය තව තවත් ඔප් නංවමින්‍ ය.

ඒ දර්ශනය දැකීමත් සමගම මා සිහින ලොවක ප්‍රේම මල් යහනා ගැට ගසන්නට වූ අතර අතේ තිබූ බාල්දිය බිමට වැටී බෝඹු කෝටුව උගුරේ හිර නොවුනේ අනූ නවයෙන් ය.

සන්ලයිට්...... හිමිදිරිදේ සිත් ඉතිරේ
කෝල සිනා මල් පිබිදේ
හිතවතියන් එකමුතු වේ

ඌඌඌඌඌඌඋ....... සන්ලයිට්
ඌඌඌඌඌඌඌ .......... සන්ලයිට්

සන්ලයිට්...... සීත දියේ සිත් පාවේ
සුවද දිදී පෙන විසිරේ
පිවිතුරු වේ සතුට පිරේ

සන්ලයිට් සිත් පුරවා සතුට ගෙනේ
මද සුලගේ සේල සැලේ
සැම එකමුතු වේ.......
පිවිතුරු වේ........

( A/N :- මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි. )

කොහෙන්දෝ මන්දා සිට සන්ලයිට් සබන් කැටයේ තේමා ගීතය වාදනය වන අතරතුර මා ඒ මනස්කාන්ත දර්ශනය දෙස ඇසි පිය නොහෙලා බලාසිටින්නට විය. නමුදු එක් වරම දුටු දසුනින් මාගේ හද මනස කම්පනයට පත් විය .

වැව් ඉස්මත්තේ වූ වැටකෙයියා පදුරට මුවා වී නාකි කැස්වටුවෙකු සේ කටත් ඇරගෙන යුන්ජි කැකුලියට කෙල හලමින් සිටියේ අපේ ගමේ ගැහැණු සොඩා වූ හොබියාය.

උදෑසන පලමු හිරු කිරණ සේ බබලන සන්ශයින් සිනාවකට උරුමකම් කී හොබියා යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අවලං කුකුලෙකි , වලත්තයෙකි , වනචරයෙකි , පල් හොරෙකි , මංකොල්ල කරුවෙකි , දෙපිටකාට්ටුවෙකි , කට්ට කයිරාටික වෙත්ත පිත්තල අණ්ඩපාලයෙකි .

බෝල   සබන් ㋛︎| ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now