ෆ්‍රී ශූට්😭

2.8K 590 313
                                    


අපේ   අත්තම්මාගේත්   සීයා   පප්පාගේත්    මංගල   ඡායාරූපය  සාලයේ   බිත්තියේ  එල්ලා  ඇත්තේය.   එම  බිත්තියේම   පහළින්   මා   දයාබර    මෑණියෝ   හා   පියාණෝගේ   මංගල    ඡායාරූප    එල්ලා   ඇති   අතර   ඒ   දෙකම   කළු  සුදු   ඒවාය.   ඊටත්    පහළින්   ඇති   අපේ   අයියාගේ    මගුලේ   පින්තූරය   බිම   රදවා   ඇත්තේ   ආධාරකයක්    ආධාරයෙන්‍ ය.

වර්ණ   සේයාරුවක්   වන   එහි  අපේ   අයියා  හෝ   ඔහුගේ   ආදරණීය   භාර්යාව   මගුල්   මුද්දක්   පැළද  නැත්තේය.   ඊට  හේතුව    වනුයේ    මෙම    පින්තූරය    පිනිකැට   බාන   හිමිදිරි    පාන්දර  ,    ඔවුන්ගේ   විවාහය   ලියාපදිංචි   කරන්නටත්   පැය   ගාණකට   කලින්   ගත්   එකක්  වන   නිසාය.  

විලාරා    අක්කණ්ඩිය   සිය    ආදරණීය   ස්වාමි   පුරුසයා   වූ    අපේ   අයියාගේ   ගෙල    බදාගෙන   සිටින    අතර   අපේ   අයියා   ,  අක්කාගේ    නියගලා    මල්    කළඹ   දෑතින්   දරාගෙන   උඩ    බලාගෙන   සිටින්නේය.  

බැන්ද    දවසේම   මනාලයාගේ   බෙල්ලෙන්   අල්ලාගෙන    සිටින  මෙම     ඡායාරූපය   අපේ    අත්තම්මාගේ   නොමද    දෝෂ   දර්ශනයට   බදුන්   වූ   අතර     එය  අසා   සිටි  මාගේ   දයාබර   මෑණියෝ   පැවසූයේ.......

"  මයේ    කොලුවා   දස්සයා.    ගෑණිව   හදලා   ගනී  "  කියාය.

මා    නම්    සිතන්නේ   එහි   අනිත්   පැත්තය .  අයියා   අක්කාව   හදනවා    කෙසේ    වෙතත්  ,  අක්කා   අපේ   අයියාව   හදන   බව    මට   නිසැකය. 

මගුල්    පින්තූරයේ     සිටින   අපේ    අයියාගේ    මුහුණේ    සිනා  පොදක්    නොවීය.    බන්ධනාගාර    බස්‍  රියේ    යන   රැදවියන්ද    සිනාසෙන්නේ  නැති    නිසා   එක   අතකට   එය   සාධාරණය .  

අයියා   මැර   පාට   වුවද   අක්කා   නම්   පින්   පාටය .   ඇය ,  අපේ   අත්තම්මා   හා    මා    දයාබර    මෑණියන්ද    පරදවා    අපූරු    සිනාවකින්   මුව   සරසාගෙන  සිටින්නීය .

ඒ   අනුව   විලාරා   අක්කණ්ඩිය    මීට   පෙර   දන්තාලේප   දැන්වීමකට   පෙනී    සිටින්නට    ඇත්දැයි    මා     මොහොතකට   සැක  පළ   කරන්නට   විය.

බෝල   සබන් ㋛︎| ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now