ඇන්ටනාව🤦

2.7K 517 530
                                    


තම    විවාහ   මංගල්‍යය   අවසානයේ       අතේ   සතේ    නැතිව   මහ  පාරට   ඇද   වැටුණු    අපේ  අයියා  අලුත   ගෙනා  මනාලියද     කැටුව   ගම   කෙළවර   පිහිටි   කුලී   නිවසක   පදිංචියට   ගියේය.

ඉන්පසු   මෙම   නව   යුවළ    මංගල   පෝරුවේදී    දෑගිලි   බැද  ,   අෂ්ටක   කියා  ,   පිරිත්  පැන්  වත්   කර  ගිවිසගත්    පරිදි   එකිනෙකාගේ   දුක  සැප  බෙදාහදා   ගනිමින්   ලුණුයි   බතුයි   කකා   ඉතා   සොම්නසින්   දිවි   ගෙවන්නට   වූහ.  

නමුදු......  අසතුටට   කාරණාව   නම්   එම   සතුට   ඉතා  කෙටි  කලකට   සීමා   වීමය.    ඉන්දු  පකිස්තාන   දේශ  සීමාවේ   යුධ    ගිනිදැල්   ඇවිලෙන්නට   වූයේ   ගහෙන්   වැටුනු    මිනිහාට  ගොනා   ඇන්නායින්   පසු   වැහි  නැති   හෙනත්   ගැහුවා  සේය.  

තම   කාන්තා   අයිතීන්    පිළිබද   හඩ   නැගූ   අක්කණ්ඩිය    ස්වකීය   අයිතිවාසිකම්   දිනා   ගැනීම      වෙනුවෙන්    දිගින්   දිගටම   අරගල  කරන්නට   වූයේ    සයිටම්    ජනසතු    කරන්නට   යෝජනා   කලාක්   මෙන්‍ ය .  

නිවසේ    පාලනාධිකාරිය    වූ   අපේ    අයියාට    මෙම    විරෝධතා   මැඩලීම    සදහා    කදුළු   ගෑස්    හෝ    ජල   ප්‍රහාර   භාවිතා    කිරීමට    තරම්   පුරුස    සක්තියක්   නොවූ    හෙයින්      අපේ   අයියාගේ    අභිමානය   බල්ලාට   ගියේය  .

   "   ඔබෙ    සැප  මගේ   සතුටයි.....  "  

යන උතුම්    ආදර්ශ  පාඨය   පෙරදැරි  කර   ගත්  අපේ   අයියා ,   තම   ආදරණීය    භාර්යාව    වෙනුවෙන්    බැරි   මර   ගාතේ   වුවද    සුපිරි   වෙළෙදසැල්  වල   රාක්ක   පුරා     ඇති   නා  නා   ප්‍රකාර   ෂැම්පූ  ,  සුවද   විලවුන්  ,  සබන්  ,  පුයර  වර්ග    ආදිය   මිලදී  ගන්නට   වූවාය. 

එයින්    සෑහීමකට   පත්   නොවූ       අක්කණ්ඩිය  ,    රූප   පෙට්ටියක්  ගෙනත්     දෙන්නැයි    කියා    බල   කරමින්     අපේ   අහින්සක   අයියාට   බලහත්කාරකම්   කරන්නට   වූ   අතර   එමගින්   අපේ   අයියා   වැටුණේ   ලෝක  අමාරුවකය.  

අවසන    අහල   ගම්   හතේම   ගිනි   පොළීකාරයන්ට   ණය වූ    අපේ    අයියා  ,      දැඩි  පරිශ්‍රමයක්   දරා  තම    නිවසට   රූප   පෙට්ටියක්   ගෙන   එන්නට   වූයේ     භාර්යාව   වෙනුවෙන්    තම    හදසන්තානය   පතුළෙන්ම   බුර  බුරා   නැගුණු  උත්තරීතර    ප්‍රේමයේ    මහිමය   කියාපාමින්‍ ය.

බෝල   සබන් ㋛︎| ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWo Geschichten leben. Entdecke jetzt