9.📷

577 155 5
                                    

මොකක්ද ඒ හැගීම ආදරයද , රාගයද
ජන්කුක් තම නිවස ඉදිරිපිට කාරය නවතා කල්පනාබරවිය.

ඔහු සෙමෙන් දෑස් පියාගත්තේය.

පිරුනු තොල්පෙති. සුන්දර තරුවන් දෑස්. සැමවිට මුව පුරා තිබෙන සුන්දර සිනාව

" ඔහ්.......... ඔහු දේවදූතයෙක් නැතිනම් කිසියම් වූ විශිෂ්ඨ නිර්මාන කරුවෙකු විසින් මවන ලද නිර්මාණයක් " ජන්කුක් සිතුවේය.

හෙට එනම් ඉරුදින ජන්කුක් විසදාගතයුතු ප්‍රශ්නයක් ජිමින්ගෙන් ඇසීමට අදිටන් කර ගත්තේය.








" මම පරක්කුද "
උදෑසන ජන්කුක්ගේ සිත පිරුනේ ජිමින්ගේ හඩිනි.

" නෑ ජිමින් "

" කුකී, "

" හ්ම් "

" ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද "

" නෑ "

" අසනීපයක්වත්ද "
ජිමින් ජන්කුක්ගේ නලල මත තම අත තැබීය. ජන්කුක් තම නලල මත වූ ජිමින්ගේ අත ගෙන තම දෑතට මැදි කරගත්තේය.

" ජිමින්, මේ බලන්න "
ජන්කුක් ජිමින්ගේ දෑස් දෙස එක එල්ලෙ බලා සිටියේය.

" මට ඔයාට කියන්න දෙයක් තියෙනවා "
ජිමින්ගේ හදවත ගැහෙන්න විය. තමාගෙන් වරදක්වත් වීද ඔහු සිතුවේය.

" ජිමින් "
ජන්කුක් පොලව වෙත නැඹුරුවී තිබූ ජිමින්ගේ දෑස තම දෑසින් අල්ලාගත්තේය.

" ජිමින්, ඔයාට පුලුවන්ද "

' මොකක්ද කුකී ' ජිමින් සිතින් ප්‍රශ්නකරයි.

" ජිමින් ඔයාට පුලුවන්ද මගේ පෞද්ගලික නිරූපනශිල්පීයා වෙන්න "
ජන්කුක් තම දෑස පියාගත්තේය. ඔහු ජිමින්ගෙන් අතුල්පහරක් බලාපොරොත්තු විය.

එහෙත්

" මං කැමති "
නිහඩතාවය පරයා ජිමින්ගේ හඩ ඇසෙන්න විය.

" නෑ ජිමින් , එතරම් පහසුවට හිතන්න එපා. "

ජන්කුක් ඔහුට විස්තර කලේය.

චායාරූපශිල්පියාගේ පෞද්ගලික හැගිම් දැනීම්, මෙන්ම ශෘංගාරය උලුප්පා පෙන්වමින් නිරූපනශිල්පීයාට පෙනීසිටිමට සිදුවෙන බව ඔහු අවධාරණය කලේය.

( මේක මට හිතුන එකක් විතරයි. මං දන්නේ නෑ චායරූපශිල්පියෙක්ට පෞද්ගලික මොඩ්ලර්ලා ඉන්නවාද කියලා මං දන්නෑ. හොදේ )

" හරියට මේවගේ "
ජන්කුක් ජිමින්ට චායරූපයක් පෙන්විය. එහි තරුනියක් අඩනිරුවතින් සිටීයි.

" කලාත්මකයි "
මදවෙලාවක් ඒදෙස බලාසිටියි ජිමින් පිලිතුරු දුනි.

" ඔයා එහෙම හිතනවද ජිමින් "
ජන්කුක් ඇසුවේය.
ජිමින් හිස සැලීය.

" යමු "
ජන්කුක් ජිමින්ගේ අත අල්ලාගත්තේය .

ජන්කුක් තම චායරූපගාරයේ වැඩ කටයුතු කැම්හට බාරදී ජිමින් සමග පිටතට ආවේය.

" කොහෙද යන්නේ "

" මගේ ගෙදර "

ජන්කුක්ගේ නිවස ඉතා අලංකාර මන්දිරයකි. ජන්කුක් ඉදිරියෙන් ඇදෙයි. ජිමින් ඔහුගේ පසුපසින් ගමන්කරයි.

එම නිවසේ බිත්ති මත ස්වේත වර්ණයෙන් සැරසී තිබූ අතර එහිවූ බොහෝ ගෘහභාණ්ඩ කාලවර්ණ විය.

ගෘහභාණ්ඩවලින් ගහන නොවූ එහි නිස්කලංක නිදහස් බවක් ගැබ්ව තිබිනි.

ජන්කුක් විශාල කලුවර ලියෙන් සාදන ලද කැටයම් රහිත විශාල දොරක් විවර කලේය. කැටයම් රහිත වූද එහි තේජවන්ත බවක් ගැබ්ව තිබිනි.

එම විශාල දොර විවර වුයේ තවත් විශාල ශාලාවකටය.

එහි ඇතුලත දුටු ජිමින් තම දෑස් විසල් කොට ගත්තේය.





Kishu :-)

Click my heart  || Jikook ||☑️Where stories live. Discover now