13.📷

558 150 9
                                    

තෙවසරක් ජිමින් ජීවත්වූයේ තම මතකය හදවතේ තුරුලු කොටගෙනය. ජිමින් ජන්කුක් සමග දුරකතනයෙන් සම්බන්ධ වූ බව සත්‍යය.

එහෙත් ඒ සිනහව ඒ ස්පර්ශය අද නොදැනේ.

ජිමින් දින ගෙවන්නේ ජන්කුක්ගේ නැවත පැමිනීම විශවාසයෙනි.

ජිමින් මෙතරම් ජන්කුක්ගේ පැමිනීම අපේක්ෂාවෙන් බලා සිටින්නේ මන්ද?

ආදරෙයි කියන ඒ අකුරු හතරක එක් වචනය කියාගන්න බැරිව ජිමින් ලතවෙයි.
එහෙත් අකුරු හතරකින් සැදුම්ලත් ඒ කෙටි වචනය තුල මහ විශාල හැගීමක් ගුලි කර තිබේ.
ඒ වචනය ඇත්තෙන්ම බරයි. උහුලන්න බැරි තරන් බරයි.
ආදරයේ නාමයෙන් හිතට එන හැගීම් සමුදායන් හරිම සංකීර්ණයි. විටෙක  දුකින් පෙලනෙ, තවත් විටෙක සතුටින් පිනුම් ගහන මේ හැගීම් ජිමින්ට ඇත්තෙන්ම බර වැඩී.

ජන්කුක් හා ගතින් පමනක් එක්වුනු, ජිමින් ඒ හැම මොහොතකම ජන්කුක්ගේ තොල් අතරින් ආදරය යන වචනය හොයන්න වුනා. එය හමු නොවී තාමත් ජන්කුක් පිලිබද අපේක්ෂාවෙන් ඉන්න තරන් ජිමින් මෝඩද?

සමහරක් විට,








































" කැම් "

" ජිමින් "

" කැම් ජන්කුක් කෝ "

" එයාගේ වාහනේ තමා අර යන්නේ "
ගුවන්තොටුපලේ තුල විසල් වීදුරු ජනේලයෙන් පිටතට වාහනඅංගනයේ සිට ඉවතට ඇදෙන් එක් කාරයක් පෙන්වන්න විය.

" ඇයි එයා මං එනකන් හිටියේ නැත්තේ "

" සමහරක් විට අමතකවෙන්න ඇති ජිමින් "
කැම් ජිමින්ගේ පිටට තට්ටුවක් දමා ගුවන්තොටුපලින් ඉවතට එන්න විය.

" අමතක, මාව "
ජිමින්ගේ කොපුල්තල කදුලින් තෙත් වෙයි.

" නෑ, නෑ එයා ගොඩක් දුර ඉදන්නේ එන්නෙ මහන්සියට ගෙදර යන්න ඇති "
ජිමින් තම කදුලු පිසදා ගුවන්තොටුපලින් පිටතට පැමින කුලීරියකට ගොඩවිය.

පෑකාලක ගමනකින් ජිමින් ජන්කුක්ගේ නිවස ඉදිරිපිටය.

හේ සෙමෙන් ගොස් නිවසේ විසල් දොරටුවට තට්ටු කරන්න විය.
සුලු මොහොතකින් දොර විවර විය.

" ජිමින් "

" කුකී "
ජිමින් ඉදිරියට පැමින ජන්කුක් වැලදගත්තේය.

" ඔයා ආයේ ආව එකට මට හරිම........... "

" දැන් මොකටද මෙහේ ආවේ "
ජන්කුක්ගේ වදන් සමගම ජිමින් පසුපසට විය්.

" කුකී , ඇයි එහෙම කියන්නේ "

" ආ..........හ් මට දැන් හරිම මහන්සි කරුනාකරලා දැන් වදදෙන්න එපා "
ජන්කුක් දොර වසා දැමිය.

" කුකී, ඇයි "
ජිමින් මදක් දොර අසල කදුලු පිරි දෙනෙතින් බලා සිට නැවත යාමට හැරිනි.







Kishu :-)

Click my heart  || Jikook ||☑️Hikayelerin yaşadığı yer. Şimdi keşfedin