Finally

349 74 63
                                    


Coffee එක table එක උඩින් තියලා Jin ඉක්මනට එළියට ගියේ Jungkook ගෙ වැඩ වලට බාධාවක් නොවෙන්න.

පැය කීපයක් එකදිගට වැඩ කරපු Jungkook , අන්තිමට වැඩ ටික ඉවර කරලා වෙලාව බැලුවා.

'11.30'

වෙනදාට වඩා ඉක්මනට වැඩ ටික ඉවර කරත් පැය ගාණක් එකම විදියට වාඩි වෙලා ඉදලා Jungkookගෙ මුලුඇගම රිදෙන්න අරන් තිබ්බේ. ඒ හින්දාම තවත් ටික වෙලාවක් ඉදලාම යනවා කියලා හිතුවෙ drive කරන්න මහන්සි නිසා.

' Jinව ගෙන්න ගන්න ඕන.' කියලා හිතපු Jungkook , ඉක්මනට call එකක් අරන් Jinට එයාගෙ cabin එකට එන්න කිව්වා.

ටිකකින් Jin ඇතුලට ආවෙ නිකන්ම නෙවෙයි ice cream දෙකකුත් අරන්.

"Jinniee  !!" Jungkook හිනා වෙලා Jinට එයා ලගට එන්න කියලා අතින් සන් කරා.

"වැඩ ඉවරද?" Jungkook ලගින් වාඩි වෙන ගමන් Jin ඇහුවා.

ඔව් කියලා ඔලුව වැනුව Jungkook, ලොකු හුස්මක් පිට කරලා  ඇස් දෙක පියගත්තේ මහන්සියට.

Jungkook ගෙ තෙහෙට්ටු වෙච්ච මූණ දැක්කම Jinට දුක හිතුණත් එයා ඒක පෙන්නන්න ගියේ නෑ.

" Kookiee!! බලන්න මං මොනවද ගෙනාවෙ කියලා." එයා ගෙනාව ice cream ටික එළියට ගන්න ගමන් Jin කිව්වා . "Tada  !!"

" Ice cream?" Jungkookගෙ ඇස් දෙක දිලිසෙන්න ගත්තා.

"හ්ම්ම්ම්. එන්න. ඉක්මනට කමු. දිය වෙන්න කලින්!" Jungkookට එකක් දෙන ගමන් Jin කිව්වා.

"ඔයා ආස mint choco නම් තිබ්බෙ නෑ. ඒ හින්දා මං දෙන්නටම chocolate flavor ගෙනවා."

"Wow ! මං mint choco වලට පස්සේ කැමතිම chocolate වලට තමයි!" Jungkook එයාගෙ bunny smile එක දාන ගමන් කිව්වා.

Jungkook පොඩි එකෙක් වගේ ice cream එක කන හැටි Jin ආසාවෙන් බලන් හිටියා.

මෙච්චර අඩු වයසකින් මෙච්චර ලොකු company එකක CEO කෙනෙක් වුණත් Jungkook තාමත් හිතින් පොඩි එකෙක් වගේ කියලා Jinට තේරුම් ගන්න මහ වෙලාවක් ගියේ නෑ.

" ඔයා කන්නේ නැද්ද? එහෙනම් ඕකත් මට දෙන්න." ice creamඑක කන්නෙ නැතුව අතේ තියන් ඉන්න Jinව දැකලා Jungkook කිව්වා.

" පිස්සුද? මේක මගේ එක." Jin ඉක්මනට ice cream එක කන්න ගත්තේ Jungkook ඒක ගනීවි කියලා බයට.

My Hidden Love | Sequel to Secret Love|| SinhalaWhere stories live. Discover now