ලව් ලෙටර්

1.6K 373 84
                                    

"පිනා ගොබ්බයා පිනාගෙ තාත්තා ගොබ්බයා
පිනා ගොබ්බයා පිනාගෙ තාත්තා ගොබ්බයා..."

"තට්ට පිනා... මොට්ට පිනා....
තට්ට පිනා... මොට්ට පිනා...."

අද තිබුන ගුරු රැස්වීමෙදි මට හය වසරෙ පොඩි උන්ට English උගන්නන්න කියපු අපේ තට්ට පිනාගෙ පරම්පරාවම මතක් කරන ගමන් ලස්සන සින්දුවකුත් කිය කිය මං ගෙදර එන ගමන් හිටියේ.

පුදන කොටම කුකුළො කොටපි කිව්වා වගේ ගෙට ගොඩ වෙන්නත් කලින්ම අම්මලා අදත් කොහෙදෝ යන්න එලි බැහැලා. හුහ්... කට්ටියට හරි ආතල් වගේ වෙඩිමක් පිටින් දාලා ෆැමිලි සවාරි යන්න.... මං අර කොහෙවත් ඉන්න කැස්වටුවෙක් එක්ක උන්මාද චිත්‍රා වගේ ගේ අස්සට වෙලා ඉන්න ඕන...

"ලොකූ... ඉන්විටේශන් ටික හදන්න දීලා එන්නම්... තව හොටෙල් එකක් බලන්නත් තියෙනවා.. අපි එන්න පරක්කු වුනොත් රෑට උයන්න පුළුවන්නේ? මල්ලිත් ඉන්නවා."

ආ... අද ඒ හෙනහුරත් ඉන්නවද....

මං ගෙට යනකොටත් මල්ලි අර මොකක්ද වුන වල් ඌරා වගේ පුටුවකට පතබෑවිලා ෆෝන් එක කොටනවා.

"ඈ බං සුදූ... ඔහේ දැන් ගෙදරට වෙලා වල් අලියා වගේ කකා බිබී ඉන්නේ කැම්පස් යන්නෙ නැද්ද...?"

"මේ ටිකේ නිවාඩු."

"ඒ මොකටද"

"වෙඩින් එකනෙ."

"ඇයි වෙඩින් එක ඔහේගෙද පුත්තලම් බූරුවෝ...."

"මගෙ නම් නෙවෙයි තමයි. ඒ වුණාට කොච්චර වැඩ තියෙනවද කරන්න. ඔයාගෙ මේ ආදරණීය මල්ලි උදව් කරන්න ඕනනෙ."

යැයි යැයි යැයි තමයි. අනේ මුගෙ ආදරේ... මගෙ කසාදෙ ගැන මටත් නැති උනන්දුවක්නෙ මුට තියෙන්නේ. මං දන්නවා ඔය හොර ගල් ඇහිඳින්නෙ අර චීනාගෙ කකුල් දෙක හෝදලා මුද්ද ගන්න තමයි...

.....................

"අක්කේ..."

"මොකද මිනිහෝ.... කවුද බෙල්ල මිරිකන්නේ..."

"ෆෝන් එක කොහෙද තියෙන්නේ..."

"මං කොහොමද ඒක දන්නේ වලස් තඩියෝ. ඔහේ දාපු තැනක ඇති. හොයාගන්නවකො මට වද දෙන්නෙ නැතුව."

"මං ඇහුවෙ ඔයාගෙ ෆෝන් එක."

"මගෙ බෑග් එකේ ඇති." ඈ...... මුට මොකටද මගෙ ෆෝන් එක.....

*•.¸♡ The Proposal ♡¸.•* ✓|| JHS || Sinhala FanfictionWhere stories live. Discover now