මනාලස්

2K 418 135
                                    

මාත් ඉතින් කාමරේ ජනේලෙන් ඔලුව දාගෙන මනමාලස් මොන වගේද කියලා බැලුවා. මලයා කිව්වත් වගේ මුගෙ සුදු.... මොකක්ද දන්නෑ පැහැපත් බවේ රහස... නාන්නෙ කිරි වලින්ද දන්නෑ...

ඔයාගෙ ඔය කිරි සුදු හමට මගෙ මේ තලළු හම ගැලපෙන්නෙ නෑ සුදු මහත්තයා.... චිකේ... ඒ මොකක්ද ඒ මං හිතුවේ... සුදු මහත්තයා... ඊයා හලෝ....

කට්ටියම ගෙට ආවට පස්සේ මල්ලි කෙලින්ම මගෙ කාමරේට රිංගුවා...

"මේ සුදූ...." පුරුද්දට සුදූ සුදූ කිව්වට මොකද මට තාම හිතාගන්න බෑ ඇයි අපි මුට සුදූ කියන්නෙ කියලා... ඇති සුදකුත් නෑ.. ඔන්න අර ආපු මනමාලයට නම් කට ඇරලා සුදූ කිව්වහැකි.. ඈ... නෑ නෑ... එහෙම කියන්න ඕන නෑ....

"මොකෝ..." මල්ලිත් රව රවම ඇවිත් මගෙ ඇඳට පැන්නා.

"මේ... කෝ අර වලං කටී..."

"ආ... එයාව ගෙන්න ගන්න බැරි වෙන්න මං ගානට වැඩේ දුන්නා..."

"ඈ.. මොකක්ද කලේ.."

"මෙහෙමයි අක්කේ... මං එන ගමන් අම්මට කෝල් කරලා කිව්වා චූටි දැන් ගෙදර ආවොත් ආයෙ ඉස්කෝලෙ යන්න බෑ කියලා ගෙදරම ඉඳියි.. එතකොට ඒ අහිංසකීගෙ පාඩම් ටික මග ඇරෙනවා නේද... කෙල්ලගෙ ලකුණු අඩු වුනොත් එහෙම අම්මම නැන්දට වග කියන්න කියලා.... පස්සෙ අම්මා කිව්වා එහෙනම් චූටිව එක්කන් එන්න ඕන නෑ කියලා."

"සැහ් මල්ලි ඔයානම් දෙවියෙක් නෙවෙයි දිව්‍ය ලෝකයක්... මේ මල ඉලව් ටික ඉවර වුනාම මතක් කරනවා ඔයාව කෝවිලකට ගිහින් දාන්න. ඈ..."

"ලොකූ.... යමු. සුදූ... එක එක දේවල් කියලා අක්කව අවුස්සනවා එහෙම නෙවෙයි."

"ඇම්මෙහ්..." මලයා නැගිටලා මූනත් දෙල් මාලුව වගේ කරගෙන සුකොමල බඳ ලෙලවා අම්මට ගස්සගෙන ගියෙ අම්මා උට සුදූ කියලා කියපු නිසා...

අපේ පරම්පරාවම උට සුදූ කියලා ඇමතුවත් දහය වසරෙන් පස්සේ පොර කැමති වුණේ නෑ ඒ නමට.

සාරිය නම් ගේමක් නෑ. අර බුලත් හෙප්පුව උස්සගෙන සීගිරි අප්සරාව වගේ නලව නලව යන්නනෙ බැරි. ලැජ්ජාවයි සංවරකමයි නම් අමුතුවෙන් මවන්න දෙයක් නෑ. පිට අය ඉස්සරහා හරි සංවර ලමයා වගේ ඉඳලා මල්ලිට වඩා ලකුණු දාගැනීමේ හැකියාවක් මට උපතින්ම තියෙනවා.

*•.¸♡ The Proposal ♡¸.•* ✓|| JHS || Sinhala FanfictionWhere stories live. Discover now