•Epilogue•

669 167 280
                                    

මාස කිහිපයකට පසු ඈ සිටියේ සීත රටෙහි ඇගේ නිවස තුළයි.

විශ්වවිද්‍යාලීය කථිකාචාර්යවරියෙකු වීමට ඇගේ ඇති සිහිනයේ මුල් අදියරට ළඟා වූ ඈ හිටියේ යම් සතුටකින්.

අද වැනි දිනක ඈ පිටතට ගියත්, මේ ඉරිදා දින වූ විශේෂ වැඩසටහන නැරඹීමට ඇය සෝපාවේ හිඳගත්තා.

ඒ පුද්ගලයා පිටතට ගොස් සිටි නිසා ඈට එම සජීව වැඩසටහන තනිව නැරඹීමට සිදුවුනා.

සුළු මොහිතකින් ඔවුන් වැඩසටහන ඇරඹුවා.
'Hello Guys, We all here to celebrate the opening ceremony of KNJ Art Gallery '

කලාගාරය තුළ ඔහු හා ඈ ගමන් කල සෑම තැනක්ම මිනිසුන්ගෙන් පිරීගොස් ඇති බව ඈට දකින්නට ලැබුනා.

සාමාජිකයන් හත් දෙනාම අද කලාගාරයට පැමිණෙන බවට දැනුම් දුන් නිසා බොහෝ කාලයකට පසු වුවද රසිකයන් සැලකිය යුතු පිරිසක් එහි රැස්ව සිටියා.

කලාගාරයේ එක් එක් චිත්‍රවල දසුන් පෙන්වද්දී ඇගේ මතකය මීට මාස කිහිපයකට පෙර ඈ කලාගාරය දුටු පළමු දිනට ඈව කැඳවාගෙන ගියා.

__________________________________________________________

එදින උදේ වරුවේ ඈ සුපුරුදු පරිදි සූදානම්ව රැකියාවට පැමිණියා.

පෙර දිනයේ ඒ පුද්ගලයාට ඇමතූ ඈ , කෙතරම් වෙලා හැඬුවාද කියා ඈ දැනසිටියේ නෑ.නමුත් ඒ නිසාම උදෑසන ඇගෙ මුහුණේ වූයෙ යම් වෙහෙසකර බවක්.

ප්‍රධානියාගේ කාමරයට ගිය ඈ අවශ්‍ය ලියවිලි ලබාගෙන ඇගේ රැකියාවට නිල වශයෙන් සමුදුන්නා.

ඇගෙ මුහුණේ කිසිදු හැඟීමක් නොවූ අතර ප්‍රධානියාගේ මුවෙහි මලානික සිනහවක් රැඳුනා.

තම කැබින් කාමරයට ගිය ඈ කුඩා බෑගයකට ඈ සතු දේවල් අසුරන්නට වුනා.තෙමසක් අවසානයේ පිටව යනවිට ඇගේ කියා රැගෙන යාමට බොහෝ දේ එහි වූයේ නෑ.

ඈ කල ක්‍රියාවන් වල වටිනාකම් මෙන්ම ඇගෙ මනසේ සනිටුහන් වූ මතකයන් හැරෙන්නට ඈ බෑගයට දමන්නාවූ කිසිදු දෙයක පැවැත්මක් හෝ අරුතක් නොවන බව ඈද හොඳින්ම දැන සිටියා.

"මැඩම්.." දොරට තට්ටු කල පැමිණි සේවකයා ඈ හා සිනහසුනා.

ඈ දවසෙ මුල්ම වතාවට යම් සිනහවක සේයාවක් හෝ පෙන්වූවා.

|| To My Rain || KNJ | ✔Where stories live. Discover now