•Day 5•

473 161 39
                                    

ආදරණීය වැස්ස,

හැමතැනම මේ වගේ ඩයරි එක අරන් යනව කියලා හැමෝම බැන්නත් අද වගේම හැමදාම ඒක මට සැනසීමක් ගේනව කියලා කාටවත් නොතේරෙන්නෙ ඇයි?

They don't know this feeling..
This comforting feel, I'm feeling when I'm writing.

අද කිවුවා වගේම meeting එක තිබුනා.
ලොකු වැඩ ගොඩක් ඉස්සරහට තියෙනවලු.
ඒවා ගැන කියන්න ගියොත් ඔයාටත් එපා වෙයි.

ඒත් ඔයා දන්නවද නරකම දේ මොකක්ද කියලා. මට ලොකු වගකීමක් තියෙයි.
මන් දන්නවා මන් ඒක හරියට කලොත් කිසිම ප්‍රශ්නයක් නෑ කියලා.
ඒත් මට ඒක කරන්න පුලුවන් වෙයිද?
I'm so scared.

හරි..
හොඳ දේවල් ගැන කතා කරමු.
ඔයා දන්නවද මන් මේ වෙලාවෙ මේක ලියන්නෙ ඇයි කියලා..
මීටින් එක ඉවර වෙලා යද්දි මේ ලොකු බිල්ඩින් එක ඇතුලෙ මට පාරත් වැරදුනා.
ඒත් ඒක නිසා මන් මේ තැන හොයාගත්තා.
මෙතන හදපු කෙනාටනම් මල් තියලත් මදි. මොකද මෙතන ඉඳන් ලස්සනට වැස්ස විඳින්න පුලුවන්.මේ දැන් වගේ..
මේක බැල්කනි එකක් වගේ හදලා තිබුනත් සම්පූර්නෙන්ම වීදුරු වලින් වට කරලා තියෙන නිසා හරිම ලස්සනට වටපිටාව පේනවා.
දිග ඒත් සැපපහසු කුශන් පුටුවකුත් පැත්තක තියලා තියෙයි.
කවුරුහරි මෙතනට එනවාද කොහෙද..
මෙතන තියෙන පුංචි table එකේ පොත් වගයක් ගොඩගහල තියෙයි..
Korean, English.. ගොඩක් ඒවා..

You know what is missing here?
A coffee machine..

මේ වගේ වෙලාවක උනුම උනු coffee එකක් හරි hot chocolate එකක් හරි තිබ්බනම්..

මෙතන වටේම පොඩි පොඩි ගස් ටිකක් තියෙයි. ඒක පොඩි කැලේක හැඟීමකුත් ගේනවා.
ඒ වගේම මෙතනට පිට සද්ද ඇහෙන්නෙත් නෑ. මොකද මේක ගොඩක් උඩින් තියෙන තැනක්නේ.
ඒ නිසා හරිම සන්සුන්.

Waah.. what a precious architecture!!

මන් දැන් තීරනේ කලා..
මේ බිල්ඩින් එකේ මන් කැමතිම තැන මේක.
This place is better than library..

ම්ම්ම්..
එයාව තාම දකින්නවත් ලැබුනෙ නෑ.

මගේ ජීවිතෙත් fan fiction එකක් වුනානම් කොච්චර හොඳද..
Be the main character who meet the fated love..

What a lame thing..
මන් හිතන්නෙ මට පිස්සු.

දන්නවද මට හිතෙන දේ...
ඒ මූණ මට ලේසියෙන් අමතක නොවේවි...

මන් දැන් අවුරුදු විසිගානක පරිනතයි කියල හිතන කෙල්ලෙක් වුනත්, ඒ දේවල් සිද්ධ වෙලා දැන් ටිකක් කල් ගෙවුනත්, එයාගෙ ජීවිතේ ගොඩක් වෙනස් වෙලා තිබුනත්, එයාලා දැන් වෙන වෙනම එයාලගෙ දේවල් කරන් ගියත්..
එයාලා මට දුන්න ඒ ආදරේ අමතක නොවේවී..

එයා..
එයා මගේ ජීවිතේට දුන්න දේවල්..
අමතක නොවෙවී..

_love is so short
frogetting is so long_

________________________________________________________________________

පොත පසෙකින් තැබූ ඇය උදේ පටන් නොකඩවා ඇද හැලෙන වර්ෂාව දෙස බලා සිටියා.

බොහෝ දෙනෙකුට කරදරයක් වුන ඒ වර්ෂාව ඇයට සැනසීමක්..
ඕනෙම මොහොතක ඇයට සැනසීමක්..

හදිසියෙන්ම පිටුපස වූ දොර විවෘත කරන සද්දෙන් ඇගේ නිසල දැහැන බිඳී ගිය අතරම ඈ කලබල වුනා.

"Oh.. Could u mind.." ඇතුලට ආ අගන්තුකයා ඈ දැකීමෙන් ඇති වූ පුදුමයෙන් කතා කරන හැටි ඇයට ඇසුනා.

අසුන පුරා විසුරුවා හැර තිබූ ඇගේ ෆයිල් කවර හා පොත් එකතු කරගත් ඈ ඔලුව බිමට හරවාගත්තේ වරදකාරී හැඟීමක් දැනෙන අතරෙයි.

"I'm sorry. I lost my way. I'm sorry" බිමට හරවාගත් ඔලුව එසේම තියෙන්නට හැර ඇවිදින අතරම ඉක්මනින් සමාව ඉල්ලු ඇය දොර වේගයෙන් විවෘත කරමින් පිටතට පැමිනියා.

කොරිඩෝ දිගේ වේගයෙන් දිවගිය ඇය ලිෆ්ට් එක සෙවීමට වෙහෙසුනා.
ඉහලම මාලයක තිබූ විධායක රැස්වීම් ශාලාව තිබෙන මහළ බොහෝ විට සෙනඟ අඩුවෙන් ගැවසුන තැනක් වූ නිසා විමසීමට හෝ කෙනෙක් නොමැතිව ඇය මඳක් අසරන වුවද අවසානයේ ඇය ලිෆ්ට් එක අසලට පැමිනියා.

ඇයටම යමක් මිමිනූ ඇය බිම් මහලේ වූ අංකයක් යෙදුවේ වාහනය වෙතගොස් ඇගේ නවාතැනට යෑමටයි.

උදේ පටන් තිබුන වෙහෙසකාරී රැස්වීම, ඇගේ සියලුම ශක්තීන් උරාගෙන තිබුනා.

________________________________________________________________

ඈ සියල්ල ඇවිස්සුවා..
ඇගේ බෑගය..
ඇගේ කබඩ් එක..
එය තිබිය හැකි සෑම තැනක්ම ඇය පිරික්සුවා..

ඇගේ වටිනාම දේ ඇයට අහිමි වී තිබුනා..

ඇගේ දිනපොත..

දැන්..
දැන් ඇයට ඇගේ වර්ෂාවද අහිමී වූ බව දැනෙන්නට වුනා..

|| To My Rain || KNJ | ✔Where stories live. Discover now