•Day 15•

312 130 51
                                    

"මාව දන්නවා වගේ රඟපාන්න එපා.. ඔයා කිසිම දෙයක් හරියට දන්නෑ...ඒ නිසා කරුණාකරලා මෙතනින් යන්න.."

ඒ වදන් නිසා ඇගෙ සිත රිදෙන්නට ගත්තා.
ඈ දැනටමත් දැනසිටි ඒ වේදනාකරී සත්‍ය නිසා ඈට මෙතරම් රිදීමට හේතුව කුමක්ද?

ඔහු..ඒ ඔහු නොවේද? ඔහුගේම මුවින් ඒ සත්‍ය මෙලෙස රළු ලෙස පිටවීම නොවේද?
ඔව්. එයයි එය වඩාත් වේදනාකාරී වූයේ.

නමුත් ඈ සංවේදි තරුණියක්..

ඈ වේදනාවට සංවේදී..ඈ මිත්‍රත්වයට සංවේදී..ඈ ඒ ගෞරවණීය පුද්ගලයාට සංවේදී..
ඉතින් ඔහු මෙලෙස කරදරකාරී තත්වයක සිටියදී ඈ කිසිත් නොවූ අයුරින් හැරී යන්නෙ කෙලෙසද.

"නම්..නම්ජුන්ශි.. මාත් එක්ක කියන්න පුලුවන් නම් ඔයාගේ හිතට.." ඈට ඇගේ වාක්‍ය අවසාන කිරීමට ලැබුනේ නෑ.

"මිස් සෙනූ.."ඔහුගෙ ගැඹුරු මෙන්ම කේන්තිය පිරී ගිය කටහඬ ඈව තිගැස්සුවා.

"මන් කියන එක තේරෙන්නැත්ද?
ඔයාට කියන්න?! ඔයා හිතන්නෙ ඔයා කවුරු කියලද?
මගෙ ප්‍රශ්න මන් බලාගන්නම්.ඔයා මැදිහත් වෙන්නැතුව මෙතනින් යන්න.
මගෙ ප්‍රශ්න වල තියෙන බරපතලකම ඔයාට තේරෙන්නෑ. කොච්චර කිවුවත් ඒක කාටවත් තේරෙන්නෑ.
දැන් යන්න."
වේගයෙන් මෙන්ම කේන්තිය විහිදෙන දෑස් වලින් යුතුව කියවා දැමූ ඔහු දොර දෙසට අත දිගු කරමින් ඈට පිටත් වන ලෙස සන් කලා.

රිදවීම්..
ඔව්.. ඈ ඇතිතරම් රිදවීම් විඳ දරාගත් කෙනෙක්..
නමුත් ඈ මෙපමණ කලක් හදෙහි වැදගත්ම තැනක තියාගත් පුද්ගලයෙකු ඈට මෙලෙස රිදවීම ඈට ලොකු වේදනාවක් ගෙන දුන්නා.
මෙපමණ වෙලාවක් හිතෙහි සැරිසැරූ ඒ වේදනාව කඳුලු බිඳු කිහිපයක් වී ඇගේ නෙතින් වැගිරුනා.

ඇයට ඔහු ඉදිරියේ ඇගේ කඳුළු පෙන්වීමට අවශ්‍ය වුනේ නෑ..
කඳුළු යනු හදවතෙහි නොකී වේදනාවන් බව ඈ දන්නා මුත් ඔහු ඉදිරියෙ ඇගෙ වේදනාව දිගහැරීමට ඇයට අවශ්‍ය වුනේ නෑ..

ඔහුගෙ වදන් නිසා ඈ යමක් තදින් තේරුම්ගත්තා...

ඈ කවුද?ඔහු හා සැසඳීමේදි ඇත්තෙන්ම ඈ කවුද?

ඒ නිසා ඈ වේගෙන් දොර දෙසට ගමන් කලා.

බරපතල ප්‍රශ්න..
ප්‍රශ්න බරපතල කරගන්නේ අපිම නොවෙද..

|| To My Rain || KNJ | ✔Où les histoires vivent. Découvrez maintenant