"ඇයි මන් ඇර මෙහෙ තව අය ඔයාට ඩ්‍රින්ක්ස් ගෙනත් දෙනවද?" ඔහු දඟකාර හිනාවක් සමඟ ඇගෙන් විමසුවෙ ඇගේ පසට සම්පූර්නෙන්ම හැරෙමින් ආසනයේ ඉඳගන්නා අතරයි.ඔහුගෙ එක් පාදයක් ආසනය මත රැඳුන අතර අනෙක් පාදය තවමත් බිම තිබුනා.

"ඔව්." ඈත් කිසිඳු පැකිලීමකින් තොරව හිස සැලුවේ බැරෑරුම් ලෙස ඔහු දෙස බලමින්.

"ඒ කවුද?"ඔහුගෙ මුහුණෙ කලබලයක මෙන්ම සියුම් රිදීමක සලකුණු ඇඳුනා.

"ඩිපාර්මන්ට් එකේ ක්ලාර්ක්.
ඒකත් මන් ඉල්ලලා පැය ගානකට පස්සෙ තමයි."ඈ මඳ සිනහවක් සමඟ පැවසුවා.

ඇගේ පිළිතුර නිසා මෙතෙක් වෙලා වියවුල්ව සිටි ඔහු සද්දෙන් සිනහ නඟන්නට වුනා. ඔහු සිනහ නඟද්දි ඇසෙන කුඩා නාදය මෙන්ම ඔහුගේ වල ගැසෙන කම්මුල්ද ඔහු වෙනුවෙන් තැවුන ඇගෙ සිතට සහනයක් ලබා දුන්නා.

"දන්නවද මිස් සෙනූ..මේ වගේ වහින වෙලාවක මට හිනාවෙන්න හේතු ලැබෙන්නෙ හරිම කලාතුරකින්..
ඒත් එහෙම වෙද්දි...
ඒක හරිම ලස්සන හැඟීමක්..
මොකද වහිද්දි දැනෙන හැඟීම් මගෙ හිතේ වැදගත් තැනක ගොඩ ගැහෙනවා කියලා මට හිතෙනවා.
ඉතින් දිගින් දිගටම දැනුන එකම හැඟීම් වලට වඩා මේ ටිකේදි මගෙ හිතට දැනෙන වෙනස් හැඟීම් වලට මන් ආසයි."

ඔහු නැවතත් ඉදිරිය බලමින් වර්ෂාව තුළ අතරමන්ව මුමුණද්දී ඈ ඔහුගෙ පැති පෙනුම හා වැස්සෙහි ශබ්දය අගය කලා.

ඈ එය දැන සිටියා.
පිටත ඇදවැටෙන ජලබින්දු තම මිතුරෙක් ලෙස දකින එකම තැනැත්තා තමා නොවන බව ඈ දැනසිටියා.
ඔහුත් ඈ මෙන්ම ඒ ජල බින්දු වලට ප්‍රිය කරන බව ඈ දැන සිටියා.

ඒ බව වැසි වැටෙන හැම මොහොතකම එය නිදහසේ රස විඳින ඔහු නොසඟවා කියාපෑවා.

"මන් ඒ වෙනසට හේතු හෙවුවා."ඈ තවමත් ඔහුව නිදහසේ අගය කලෙ ඔහුගෙ කටහඬට අන් හැමදාම වගේම හොඳින් ඇහුම් කන් දෙමින්.

"ඔයා දන්නවද මෙතන වුන එකම වෙනස මොකක්ද කියලා..."ඔහු නැවතත් ඈ දෙසට දෑස් යොමුකලේ එසේ කියමින්.

ඔවුන්ගේ දෑස් එකිනෙක ගැටෙද්දි ඔහුගේ දෑස් වල තැවරී තිබූ සන්සුන් මෙන්ම ගැඹුරු හැඟීම කියවීමට ඈ දැන සිටියෙ නෑ.

"මේ දවස්වල හැම වැස්සකදිම වගේ ඔයා මගේ එහාපැත්තෙ හිටියා."

තප්පර කිහිපයකට ඇගේ හදගැස්ම මෙන්ම වැස්සෙහි සීතල ඈට දැනුනෙ නෑ.

ඇගේ ගත කෙමෙන් උනුසුම් වීමට හේතුවක් ඈට සිතාගත නොහැකි වුනා.

ඔහුගේ ආදරණීය අගය කිරීම ඈ මැදිහත් සිතින් භාරගත යුතු වුනත් ඇගෙ බොළඳ සිත ඈව කුඩා දරුවෙකු ලෙස ඔහු ඉදිරියෙ දිග හැරීම නිසා ඈ සිත හා උරණ වුනා.

එහෙත් ඈ සුපුරුදු ලෙසම ඔහු හා සිනාසුනා.

ඈට ඔහු වෙනුවෙන් තිළිණ කල හැකි ඈ දන්නා වටිනාම දේ වූ සිනහවෙන් මඳක් ඔහු වෙනුවෙන් ලබා දීමට ඈ තීරණේ කලා.

මක් නිසාද ඈට අනුව ඔහුට මේ මොහොතේ වඩාත්ම අත්‍යාවශ්‍ය වූයේ සිනහවයි..
සිනහවෙන් ලැබෙන්නා වූ සැනසීමයි...

__________________

හදිසියේ ඔහුගේ දුරකථනය දිගින් දිගටම නාද වීමට පටන් ගත් නිසාවෙන් ඈට ඔහුගෙන් සමුගැනීමට වුවත් ඇගෙ සිතට ලොකු සැහැල්ලුවක් දැනෙන්නට වුනා.

ඇගේ හුරුපුරුදු වර්ෂාව ඈට නැවත ලැබී ඇතිබවක් දැනුන ඇගේ සිතට සැබෑ සැනසුමක් ගලා ආවා.

"මැ..මැඩම්.."
ඈ ආපසු ඇගේ කැබින් එකට පැමිණ මඳ සිනහවකින් නැවත වැඩ ආරම්භ කිරීමට හදන අතරතුර ඇතුලට පැමිණි සෝහී ඈට කතා කලා.

"ඔව්, කියන්න සෝහි.." ඈ පුරුදු සැහැල්ලුවෙන්ම විමසුවා.

"මැඩම් කොහෙද හදිස්සියෙම ගියේ?මොකක් හරි කරදරයක්ද?"

"ආහ්.. නෑ..මන් මේ.. හදිසි කෝල් එකක් ගන්න නිදහස් තැනකට ගියා.." මුසා පැවසීමට අකමැති වුනත් ඈට සත්‍ය පැවසිය නොහැකි වූ තැන ඈ කියා සිටියා.

"ම්ම්..මැඩම් හදිසියෙම ගිය නිසයි බැලුවෙ.එහෙනම් මන් යන්නම් මැඩම්."

සෝහි පිටව ගිය පසු ඈ ඇගෙ වැඩ වලට අවධානය යොමු කලා.

______________________________________

ආදරණීය වැස්ස,

කාලෙකට පස්සෙ ඔයා ආයෙමත් ආවා වගේ මට හිතෙනවා.

'හැම වැස්සකදිම ඔයා මගේ එහා පැත්තෙ හිටියා'

ඔයා හිතනවද මේ වාක්‍ය මට අමතක වෙයි කියලා?!
නෑ... කවදාක්වත් නෑ..

ඒත් මගෙ හිත මටම අවනත නෑ වගේ දැනෙන තප්පර එන්න එන්නම වැඩි වෙනවා.
ඒකට මන් මොකද කරන්නෙ කියන්න?

ඒත් වැස්ස...
මොනා වුනත් ඔයා ආයෙම ඇදවැටෙන්න.. දිගටම..

_The closer I get to you,
The more I feel like crying..
The further I get from you,
The more I feel like dying.._

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

|| To My Rain || KNJ | ✔Where stories live. Discover now