7. Murder

616 116 11
                                    

මේ වෙද්දී Aera ගෙ දෙමව්පියෝ නැති වෙලා සති තුනක්ම ගත වෙලා. ජීවිතේ ආයෙමත් සාමාන්‍ය අතට හැරිලා. Aera company එකේ සුපුරුදු පරිදි වැඩ කරන් යනවා. පහුගිය කාලේ ඇතුලත Jimin Aera ට car එකකුත් දුන්නා. මොකද ගින්නෙන් හැමදේම විනාස වුණ නිසා. අනික taxi වල එන්න ගියාම ඒකටත් ගානක් යනවා නේ. හැමදෙයක් එක්කම හිතේ තියන දෛර්යයෙන් දුක දරාගෙන Aera කොහොමහරි ජීවත් වෙනවා. පෙන්නුවේ නැති වුනාට Jimin Aera ගැන හැමවෙලේම වගේ හොයල බලනවා 🌚

____________^_^________

" Mr. Jimin Contract එක accept කරලා තිබුනද? " wine glass එකෙන් තව උගුරක් බොන ගමන් Juhwan එයාගේ secretary වුණ Dal ගෙන් ඇහුවා. Dal මේ වෙලාවේ Juhwan ගේ මේසේ ඉස්සරහ පුටුවේ ඉඳගෙන mail එක check කරන ගමන් හිටියේ

" ඔව් sir. Appointment time එක 3.15 sir. " lap එක දිහා බලාගෙන Dal කිව්වා.

" hm.. Ready වෙලා ඉන්න. If he's gonna accept the partnership.... I bet that's gonna be his final approval 😏" Juhwan එයාගේ wine glass එකේ තිබුණ අන්තිම wine ටිකක් එක හුස්මට බොන ගමන් කිව්වා. ඔයාලට මතක නම් Juhwan තමා Crimson Shadow වෘක කණ්ඩායමේ වර්තමාන Alpha. ඉතින් එයත් මිනිස්සු එක හොද සබදතාවක් තියාගන්න ඕනේ. ඉතින් ඒකට එයත් company එකක් පටන් ගත්ත. එයා ඒක හොදට කරන් යනවා.

වෙලාව 3.30 වුණාම Juhwan උයි Dal උයි Jimin ව හම්බෙන්නෙ company එකෙන් පිටත් වුණා.  පැය භාගයකට විතර පස්සෙ එයාල Jimin ගෙ company එකට ආව. Car එකෙන් බැහැල company එක ඇතුලට යද්දී මූණටම Yunmi ව හම්බුනා. ඊටපස්සේ Yunmi Juhwan ට bow කරලා ගියා. Juhwan ගෙ ලස්සනටද කොහෙද Yunmi කට කොනින් පැණි හිනාවක් දාගෙන ගියේ. Yunmi කියලා කියන්නේ එච්චර හොද කෙල්ලෙක් නෙමේ. මල ඇනයක්. Jimin ගෙ පස්සෙමයි එල්ලිලා ඉන්නේ 😒

Juhwan උයි Dal උයි 3rd floor එකට යද්දී Daejung එයාල එනකන් බලන් ඉන්නවා මෙයාල දැක්ක. ඊටපස්සේ Daejung එයාලට එන්න කියලා Jimin ගෙ cabin එකට එක්කන් ගියා. තුන්දෙනාට තුන්දෙනා තරහෙන් පුපුර පුපුර හිටියේ. දන්නවනේ ඇයි කියලා. Jimin ගෙ මතකේ වෙනස් කලාට, මෙයාලගේ මතකේ තාම හොදට තියනවා. (මතක නැත්තන් එහෙම කලින් චැපිය පැත්තේ ඔලුව දාල එන්න)

අකමැත්තෙන් වුනත් Daejung ට සිද්දවුනා Juhwan ව Jimin ගාවට යවන්න. Jimin ගෙ ආරක්ෂාව බාර වෙලා තිබුනේ Jung ට.  එයා Secretary විදිහට ලගින් ඉන්නේ Jimin ගෙ, ඒ කියන්නේ pack එකේ ඇත්තම Alpha ගෙ ආරක්ෂකයා නිසා. Jung මේ වෙලාවේ ගොඩක්‌ බයෙන් හිටියේ මේ මනුස්සයා Jimin ට මොනා හරි කරයි කියලා. ඒත් එයා දැනන් හිටිය Juhwan කොච්චර Jimin ට ආදරේ ද කියලා. ඒ කොහොමවුනත්, Juhwan Jimin ට පොඩි හරි අනතුරක් කරයි කියන සැකේ Jung ගෙ හිතේ තිබුනා. ඒ නිසා එයත් අර දෙන්නා එක්කම ඇතුලට ගියා. ගිහින් Jimin එක්ක Hwan සාකච්චාව පටන් ගත්ත..........

Wolf Curse [PJM] Completed ✔️Where stories live. Discover now