PART 09

313 82 3
                                    

අවුරුදු ගනනාවක අතීත සිතුවිලි අතර අතරමංව සිටි යන්ග් නැවතත් පියවි ලොවට පිය නගන්නෙ ශාන්ගෙ කදුලුවල උනුහුම ස්පර්ශ වෙනවාත් එක්කමයි...

"ඩොක්ටර්.... මට පිස්සු වගේ... මට මොකද්ද වෙලා තියෙන්නෙ කියල මටවත් තේරෙන්නෑ...මට වෙන කියන්න කෙනෙක් නැති නිසයි මං ඩොක්ටර්ව හොයාගෙන ආවෙ... කොතනින් පටන් ගන්නද කියල මට තේරෙන්නෑ... මගෙ ඔලුව.... අනෙ මගෙ ඔලුව පුපුරලා මැරෙයි ඩොක්ටර්..."

නිමක් නැති වචන හැගීම් සමුදායක් වචන වලට හරවන්න උත්සහ කරමින් ඉදපු ශාන් එයාගෙ හිතට එ වෙලාවෙ ආපු හැම සිතුවිල්ලක්ම යන්ග් ඉදිරියේ පිටකලෙ පුදුම නොසන්සුන් භාවයකින්....ශාන්ගෙ දෑත් තවමත් යන්ග්ගෙ දෑත් මත රැදී තිබුනත් ශාන් පිස්සුවෙන් වගේ කියවන්නෙ තමන් කරන්නෙ මොකද්ද කියල හරි අවබෝධයකින් තොරව...

ශාන්ගෙ මුවෙන් පිටවුන වචනයක් පාසාම ඔහුගෙ අසරණ දෙනෙත් වැලපෙන්නෙ උනුසුම් කදුලු බින්දු යන්ගෙ දෑත් මත පතිත කරවමින්.... යන්ග්ට කිසිම ප්‍රතිචාරයක් දැක්වීමටවත් නොහැකි විදිහට ශාන් හැම දේම එක හුස්මට කියාගෙන ගියේ මෙ හැම දෙයක්ම යන්ග්ට කිව්වට පස්සෙ සැනසීමක් දැනෙයි කියන බලාපොරොත්තුවෙන්...

ශාන්ගෙ මෙ අසරණ හැසිරීම දිහා බලාගෙන හිටපු යන්ග්ට කිසිම දෙයක් කියන්නවත් ශාන්ගෙ හැසිරීම දිහා බලන් ඉන්නවත් ශක්තියක් තිබුනෙ නෑ.... යන්ග්ට ශාන් ගැන පුදුමාකර අනුකම්පාවක් දැනුනා... ඒත් මොනව කරන්නද යන්ග් පවා මේ වෙලාවෙදි අසරණයි... යන්ග් මේ වෙනකොටත් ලියෝව තෝරගෙන තිබුනෙ... ශාන් දිහා බලාගෙන හිටපු යන්ග් තමන්ගෙම හදවතට කතා කරන්නෙ ශාන්ගෙ කදුලු වල උනුහුම තව තවත් දැඩි වෙනවත් එක්කමයි....

"සමාවෙන්න ශාන් මට වෙන තොරා ගැනීමක් නෑ...මට ඔයා ගැන දුකයි... ඔයාගෙ මෙ හැසිරීම මට බලන් ඉන්න බෑ වෛද්‍යවරයෙක් විදිහට වත් යාලුවෙක් විදිහටවත්... ඒත් මොනව කරන්නද ශාන්... මගේ නංගි වෙනුවෙන් මං මේ හැම දෙයක්ම කරන්නෙ... පුලුවන්නං ඔයා මට සමාව දෙන්න...කරුණාකරලා ශක්තිමත් වෙන්න... එච්චරයි මට ඔයාගෙන් ඉල්ලන්න පුලුවන් "

---------------------------------------------

යන්ග්ට අවුරුදු ගානකට කලින් ඉදන්ම තමන්ගෙ සහෝදරියගෙ මරණයට පලිගන්න ඕන උනත් එ වෙනුවෙන් ඔහු කරපු හැම උත්සාහයක්ම අපතේ යනවා.. එක් වරක් දෙවරක් නෙමේ යන්ග්ට තමන්ටම පලිගැනීමෙ වෙහෙසකාරී බව දැනෙනකන්ම උත්සහ කරනවා හැම විදිහකින්ම...  අවාසනාවකට යන්ග් අන්තිමට නතර වෙන්නෙ එ හැම දෙයකින්ම හෙම්බත් වෙලා... එ නිසාමයි යන්ග්ට එයාගෙ පලිගැනීම කාලයත් එක්ක අමතක වෙන්නෙ...

PLAYING  W I T H  DARKSIDE   [Completed]Onde histórias criam vida. Descubra agora