PART 03

469 103 10
                                    

මනුස්සකම ඉහ වහා ගියපු තැන එයට අනුරූප ප්‍රතිඋපකාරෙ විදිහට ශාන්ට අන්තිමට සිද්ධ උනේ කවදාවත් මුහුන නොදුන්න විදිහෙ අත්භූත සිදුවීමක් නිසා තමන්ගෙ ජීවිතෙ අවුලක් ජාලයක් කරගන්නයි...

එ අවුල් උන නූල් බෝලෙන් ශාන්ට හොයාගන්න පුලුවන් උන එක පොට උනේ වයසක අත්තම්මා විතරයි..ඒත් ඔහු නොහිතුව විදිහය වයසක අත්තම්මගෙ අතුරුදන් වීමත් එක්ක මේ දේවල් තවත් එකිනෙකට පැටලෙන්න ගත්තා.....

ශාන් තමන්ට හිතාගන්න පුලුවන් උන එකම හේතුව විදිහට වයසක අත්තම්මගෙ ගෙදර තිබුන තැනට ගියේ සිද්ධ උන දේවල්වලට විසදුමක් බලාපොරොත්තුවෙන්....
කලින් දවසෙ වගේම එ පුංචි ගෙදර කිසිම වෙනසක් නැතුව තිබුන නිසා ශාන් දොර ලගට ගිහින් දොරට දෙතුන් පාරක් තට්ටු කලා...ඒත් එක්කම මැදි වියේ කාන්තාවක් දොර ඇරියා... ශාන්ට ඒ වෙලාවෙ මතක් උනා වයසක අත්තම්මා ලමයි ගැන කිව්වා නේද කියල.. ශාන්ට හිතුනා මේ එයා වෙන්නැති කියල....

"ගුඩ් මෝනින්.. මේ ගෙදර වයසක අම්මා කෙනෙක් ඉන්නවා නේද.. මං මෙ ආවෙ එයාව පොඩ්ඩක් හම්බෙන්න"

පුංචි ප්‍රියමනාප හිනාවකින් සැරසිලා තිබ්බ මැදිවියේ කාන්තාවගෙ මුහුන ඉක්මනින් අදුරු වෙනවා දැකපු ශාන් ටිකක් නොසන්සුන් වෙන්න ගත්තා...

ශාන්ට ගේ ඇතුලට ආරාධනා කරපු කාන්තාව විසිත්ත කාමරෙ තිබුන පිංතූරයක් ලගට ශාන්ව එක්කගෙන ගියා... එ පිංතූරෙ දිහා ටිකක් වෙලා බලන් ඉන්නකොට ශාන් අදුනගත්තා එ ඉන්නෙ ඊයෙ හම්බුන අත්තම්මා කියල....

"ආ.....මෙ අත්තම්මා තමා...."

තිබුන නොඉවසිලිවන්ත කමත් එක්ක එ පිංතූරෙ දැක්ක ගමන් ශාන්ගෙ කටින් පිටවුනා ..

ශාන්ගෙ මූන දිහා බලපු කාන්තාව ශාන්ට මෙහෙම කිව්වා....

"කලබල වෙන්න එපා මෙහෙම කියනවට... මෙ ඉන්නෙ මගෙ අම්මා...එයා දැන් නැති වෙලා අවුරුදු 2ක් වගේ වෙනවා..."

එ ඇහුන වචන ටිකත් එක්ක ශාන්ට ඔලුව කැරකෙන්න වගේ පටන්ගත්තා...ශාන්ට නිකන් මුලු ලෝකෙම කැරකෙනවා වගේ දැනුනෙ..එයාගෙ පුංචි ඇස් දෙක  බයෙන් අදුරු වෙන්න ගත්තා...ඔහු බය වෙලා කියල දැනගත්ත කාන්තාව ශාන්ට උදව් කලා ළග තිබුන පුටුවෙන් ඉදගන්න.. ශාන්ගෙ මුලු ඇග පුරාම කවදාවත් නොදැනුනු විදිහෙ බයානක හැගීමක් සැරි සැරුවා...

PLAYING  W I T H  DARKSIDE   [Completed]Where stories live. Discover now