PART 08

317 81 1
                                    

සාධාරණය, යුක්තිය වෙනුවෙන් අරගල කරන්නෙක් ලෙස මෙ වෙනකන් පෙනී සිටි ලියෝගෙ මුහුන ඔහුට ආවෙණික කුරුරි සිනහවෙන් සරසා ගන්නවාත් සමගම තමන්ගෙ සැබෑ වර්ණ පෙන්නන්නට විය...

"හොද ප්‍රශ්නයක්... ඩොක්ටර්ට මං කිව්වනෙ ලියෝ කියන බහු පෞර්ශය හැදුනෙ පලිගැනීම සාර්ථක කරගන්න කියල... අවධානෙන් අහගෙන හිටියනං ඩොක්ටර් තේරුම් ගන්න ඇති ලියෝට තවත් අරමුණක් තියෙනව කියල..."

ලියෝගෙන් ලැබුනු පිලිතුරත් එක්ක සුලු වෙලාවකට පෙර ලියෝගෙ පැහැදිලි කිරීම වෙත දිව ගිය යන්ග්ට වැඩිවෙලාවක් ගියෙ නැ ලියෝගෙ අනිත් අරමුණ මොකද්ද කියල හොයාගන්න..

"ශාන්ට දඩුවම් කරන්නද... මං හරිනෙ.."

"ඔහ්හ්.. ඩොක්ටර්.. ඔයා දක්ශයිනෙ.. හරියටම හරි..."

එහෙම කියනවත් එක්කම ලියෝ යන්ග්ගෙ මුහුණ වෙත නැඹුරු උනේ ඔහුගෙ කුරිරු පෞර්ශය එක්වරම තමාටම ආවේශ කරගනිමින්...

"හැබැයි ඉතිං ඒක අපි දෙන්න අතරෙ තියෙන ඩීල් එකක්...."

ඇත්තටම ශාන් පුංචි කාලෙදි එක පාරක් ලියෝව දැක්කත් තමන් දැකපු දේ ගැන තේරුම් ගන්න පුලුවන් වයසක නොහිටපු නිසා ශාන් එ ගැන ලොකු තැකීමක් කලේ නැ... ශාන් එ කාලෙ හිතුවෙ තමන්ගෙ අත්වැරදීමකින් හරි අම්මා තාත්තා නැති උන දුකටත් එක්ක එයා මවාගත්ත දෙයක් වෙන්නැති කියල...
එ නිසාම ශාන්ට ලියෝ ගැන මතකයක් නොතිබුනත් ලියෝ හැම දෙයක් ගැනම දැනගෙන හිටියා...

පුංචි ශාන් කාලයත් එක්කම දෙමව්පියන්ගෙ මරණයට තමන්ටම දොස් පැවරුවත් එයා තමන්ටම එල්ල කරගත්ත පීඩනය නිසාම අනතුරට කලින් ශාන් එයාගෙ දෙමව්පියන්ට ආච්චිව බලන්න යන් කියල ඇවිටිලි කරපු බව අමතක කරනවා... තමන්ගෙ වැරැද්දක් නිසා දෙමව්පියන් මිය ගියා කියල හිතුවත් ශාන්ට එ සිතුවිල්ල ලොකු පීඩනයක් ගෙන දෙනවා ...

එ නිසාම තමයි ශාන්ගෙ හදවත වගේම ශාන්ගෙ මොලය තමන් වැරදිකාරයෙක් කියන සිතුවිල්ල පිලිගත්තත් තමන්ගෙ දෙමව්පියන්ගෙ මරණයේ වගකීම දරාගන්න බැරි වෙන්නෙ.. තමන්ගෙ හදවත ඉල්ලූ සැනසීම වගේම තමන්ගෙ දෙමව්පියන්ගෙ මරණයේ වගකීමෙන් එල්ල වූ පීඩනය නිසාමයි ශාන්ට කාලයත් එක්ක මිදෙන්න බැරි උන වරදකාරි මොහොත එයාගෙම සිතුවිලි ලෝකය විසින් මරාදානවා..

PLAYING  W I T H  DARKSIDE   [Completed]Wo Geschichten leben. Entdecke jetzt