PART 02

652 117 3
                                    

ඉර බැහැගෙන යන ගොම්මන් හැන්දෑවක මුලු ලෝකෙම අදුරෙන් වෙලා ගනිද්දි තමන් ඉදිරියෙ තිබුන කන්නාඩියෙ ඉදන් කෙස් ගස් පවා එකිනෙකට සමාන මිනිහෙක් තමන්ට කතාකරනකොට දැනෙන හැගීම...

කොහොමටවත් බලාපොරොත්තු නොවුන එ මොහොත ශාන්ව බයකින් වගේම ලොකු පුදුමෙකින් වෙලාගෙන තිබුනා...

"හායි කියන්නැද්ද මට 😈...?"

නැවතත් ඇහුන හඩත් එක්ක ශාන්ටත් නොදැනීම එයාගෙ කකුල් කන්නාඩියෙන් පිටුපසට ගමන් කලා..අන්තිමට ශාන් නතර උනේ බිත්තියෙ එයාගෙ ඔලුවත් වද්දගෙනයි..ශාන්ට කොච්චර බයක් දැනුනත් එ බය පිට කරගන්න පුලුවන්කමක් එයාට තිබුන්නෑ....ශාන් ඒ තරමටම බය වෙලයි හිටියෙ... ඒ බයත් එක්කම ශාන්ගෙ ඔලුවට එක එක විදිහෙ සිතුවිලි ගලාගෙන ආවා... මොකද බය වගේම ශාන්ටත් තාමත් හිතාගන්න බෑ ඇත්තටම එයා මොකද්ද දකින්නෙ..මොනාද එයාට පේන්නෙ කියල..

ශාන්ගෙ හිතේ පොරකාපු සිතුවිත් එක්කම දැනුන බයටත් කලින් එයාගෙ කුතුහලය ඉස්සර වෙමින් වෙවුලන මුවෙන් ගොත ගැසුනු වචන ටිකක් පිට උනා.

"ත..ත..මු ...න් ක...කවුද කියනවා......"

ශාන්ට පස්සෙ තේරුනෙ එයාගෙ මොලෙ විකාර වෙලා අහන්න තියෙන මෝඩම දේනෙ එයාගෙ කටින් පිටවුනේ කියල... ශාන් දැනටමත් දැක්කා එ ඉන්නෙ වෙන කවුරුත් නෙමෙයි ශාන්මයි කියල.... ඒත් කොහොමද එහෙම වෙන්නෙ.....

ශාන්ගෙ හිත ඇතුලෙන් නැගුනු සිතුවිලි අවදි කරමින් නැවතත් සර්වසම පිටපත හඩ නැගුවා.....

"හහ්හ්හ්හ්...."
ඔහුගෙ මුවේ ඇදිලා තිබුන වියරු මදහස එකපාරම උමතු සිනහවකට පෙරලුනා..එ හිනාව ඇතුලෙ අමුතු තර්ජනාත්මක බයක් වගේ එකාධිකාරී හැගීමක් ගැබ් වෙලා තිබුනා..

එ හිනාවත් එක්කම,

"අදුරගන්න ලැබීම සතුටක් මගේ මිත්‍රයා..."

කැඩපතේ සිටි මිනිසා කිව්වා..

ශාන්ට තිබුනෙ පුංචි දේටත් බය වෙන වගේම සංවේදි හිතක්... අඩුම ගානෙ ශාන් වැරදිලා හරි හොල්මන් ෆිල්ම් එකක් බැලුවත් එදා රෑට  කාමරේ ලයිට් දාගෙන නිදාගත්තෙ.. එතරම්ම එයා යතාර්ථයක් නොවුන දේවල්වලට පවා බය උනා... එ වගෙ පුංචි දේවල් වල පවා ශොක් එක දවසක් වගේ යනකන්ම තිබුනා..ඉතිං ෆිල්ම් එකකට පවා බය වෙන ශාන් මේ වගෙ දෙයක් දකිනකොට මොහොතක්වත් නොහිතා ප්‍රතිචාර දැක්වුවා. තමන්ගෙ කන් වලට ඇහුනු උමතු සිනහව එක්ක මිශ්‍ර උන වචන නිසා දැනුන බයත් එක්කම නොදැනුවත්වම ඔලුවත් අල්ලගෙන ශාන් බිම ඇද වැටුනා......

PLAYING  W I T H  DARKSIDE   [Completed]حيث تعيش القصص. اكتشف الآن