PART 10

652 96 45
                                    

හැම දෙයකම ආරම්භය සිද්ධ වෙන දවසෙමයි එ දේවල්වල අවසානය ලියවෙන්නේ... ලියෝට උනත් ඒ සනාතන සත්‍ය වලංගු උනා... ලියෝ මේ ලෝකෙට පිය නැගුවෙ කවද්ද..එදාමයි එයාගෙ විනාශයෙ මොහොතත් දෛවයේ ලියවෙන්නෙ... ලියෝගෙ විනාශය ගෙන එන්න පුලුවන් කෙනෙක් හිටියනං එ කෙනා වෙන කවුරුවත් නෙමෙයි ලියෝගෙම නිර්මාතෘ උන ශාන්මයි... තමන් විසින්ම ගොඩ නැගූ බහු පෞරුෂය විනාශ කිරීමෙ හැකියාව තිබුනෙ ශාන්ටම පමණයි...

බියෙන් මුලු ගැන්වී හිටපු ශාන් කවරදාකත් නොහිතපු විදිහට ශක්තිමත් වෙන්නෙ ශාන්ගෙ ආත්මය පවා පුබුදවමින්... ගෙදර ගියපු ගමන් වොශ් එකක් දාගෙන ලොකු හුස්මක් එක්ක ශාන් හැමදේම මතක් කරන්නෙ තව දුරටත් තමන් බියෙන් ඉදලා වැඩක් නැති බව තේරුම් ගෙනයි... ශාන් තේරුම් ගන්නවා ඔහුගෙ අත්දැකීම්වලට පිලිතුරු හොයාගන්න පුලුවන් එකම කෙනා ඔහුම බව...

එ වගේම තව තවත් මේ අත්භූත දෙවල් වලට බයේ පලා යනවනං තමන්ගෙ ජීවිතෙට වටිනාකමක් නොදීම ඔහුට තම ප්‍රාණය අහිමි වන බව ශාන් තේරුම් ගන්නවා...භය කියන වචනෙට, හැගීමට විරාමයක් දෙන ශාන්ගෙ අවසාන තීරණය වෙත එළඹෙන්නෙ හැමදෙයකටම නොබියව මුහුන දීලා අගක් මුලක් නොතිබුනු නූල් බෝලෙ ලිහාගන්න බවට තමාගෙ ම ආත්මයට සපත කරගනිමින්....

මනුස්සයෙක් පුංචි වෙනසකට , පුංචිම පුංචි සරල සිතුවිල්ලකට පුලුවන් එ කෙනාගෙ දෛවය වගේම මුලු ජීවිතයම වෙනස් කරන්න...ශාන්ට පවා දැන් ඔහුට දැනෙන  ශක්තිමත් සිතුවිල්ල මෙ හැම දෙයක්ම ආරම්භ උන දවසෙ ඇති උනානං මෙ දේවල් මෙච්චර දුර නොයන්න තිබුනා... එහෙම උනානං ශාන්ට ඉක්මනින්ම ලියෝව පරද්දන්න තිබුනා...එදා ශාන්ගෙ අවාසනාවට එ ශක්තිමත් සිතුවිල්ල තමන්ට නොදැනුනත් ශාන් අද වාසනාවන්ත උනා... ඔහු අධිෂ්ඨාන කරගත්තා හැමදෙයක් එක්කම සටන් කරන්න පරාජයක් ලැබුවත් ජයක් ලැබුවත්...

ශාන්ගෙ මෙ වෙනස නිසාමයි ඔහුටත් නොදැනීම ශාන්ගෙ පෞර්ශය පවා දිදුලන්න ගන්නෙ.... ශාන් තුල සැගවී ඉදපු ලියෝට පවා ශාන්ගෙ පෞර්ශයේ දීප්තිමත් බව ශක්‍තිමත් බව දැනෙන්න ඇති... එ නිසාමයි ලියෝට ශාන් තමන්ට වඩා ශක්තිමත් වෙන බව දැනෙන්නෙ...ලියෝට දැනෙන්න ගන්නවා තමන් කවරදාකත් හදුනා නොගත්ත විදිහෙ ශක්තිමත් ආත්මයක් ශාන් තුල තියෙනවා කියල... ශාන් දුර්වල වෙන තරමට ලියෝගෙ අණසක ශාන්ව තමාගෙ යටතට ගන්න පුලුවන් උනත් ඒ වෙලාවෙ ලියෝට දැනෙනවා තමන්ට ශාන් තුලින් අවදිවෙන්න බැරි බව... ශාන් එයාගෙ ධනවාදි සිතුවිලි වලින් තම ආත්මය තව තවත් ශක්තිමත් කරද්දී  ලියෝ තව තවත් දුර්වල වෙන්න ගන්නවා...

PLAYING  W I T H  DARKSIDE   [Completed]Where stories live. Discover now