ඈ කල්පනා කරන අතර දොරගුලට අත තබාගෙන නැවතුනා.

ඈ නැවත හැරුනා.

ඔහු දෑස් වෙනතකට යොමු කර ඔහුගෙ දිගු ඇඟිලි ඔහුගෙ සිනිඳු කෙස් අතරින් තදින් ගෙනයන ආකාරය දෙස ඈ මොහොතක් බලාසිටියා.

"බරපතල ප්‍රශ්න නෙවෙයි නම්ජුන්ශි..
ඔයයි ඔයා හිතන විදිහයි.
හැමදෙයක්ම බරපතල විදිහට බලලා ප්‍රශ්න විසඳන්න පුලුවන්නම් මිනිස්සු කාටවත් දැන් ප්‍රශ්න නෑ." ඈ ලොකු හුස්මක් හෙලා ඈ දෙස බලා සිටින දෙනෙත් දෙස අවසන් වරට බැලුවා.
"මන් හිතුවා අඩුම ගාණෙ මන් ඔයාගෙ යාලුවෙක් කියලා. මට ඒකට සමාවෙන්න නම්ජුන්ශි...
මන් යන්නම්.." පැවසූ ඈ දොර විවෘත කරගෙන පිටතටවිත් ඇවිද ගියේ පෙර ගැලූ කඳුළු අතින් පිසින අතරෙයි.

ඇයට හැඬීමට අවශ්‍යමුත් එය හැමටම පෙන්වීමට අවශ්‍ය වුනේ නෑ..

ඔවුන්ට කඳුලු පෙන්වා ඇති ප්‍රතිඵලය කුමක්ද..

අවසානයේ ඈ තේරුම් ගත්තා..
පුද්ගලයන්ව ඇත්තටම ආශ්‍රය කිරීමට වඩා ඔවුන් ගැන මැවීමෙන් සිතට සතුටක් ලැබිය හැකි බව..

ඇත්ත.. කටුක සත්‍ය මිනිසුන්ව රිදවන අතර ප්‍රණීත බොරුව මිනිස්සුන්ව සතුටු කලා.

ඒ නිසා කටුක සත්‍යයෙන් පුද්ගලයන් ඈත් වීමට විවිධ මන් සෙවූවා.
නමුත් ඔවුන්ට වැදගත් යමක් අමතක වූවා.

ඒ කෙතරම් ප්‍රණීත වුවත් එය බොරුවක් වූ බවයි.

එහෙත් අවසානයේ සියල්ලන්ම ප්‍රණීත මුලාවට පෙම් කලා.


නැවත කැබින් එක වෙත පැමිණි ඈ ඇගෙ වැඩවලට අවධානය යොමු කරමින් සියල්ල මඳකටහෝ අමතක කිරීමට උත්සහ දැරුවා.

වැඩ නිමවී අවසානයේ ඇගේ කැබින් එකට පැමිණි සෝහී රෑ කෑමට ඔවුන් හා එකතු වන්නට පැවසුවත් ඈ කාරුණිකව ඇගෙ ඉල්ලීම ප්‍රතික්ෂේප කලා. සෝහි මිතුරු වීමට උත්සහ දැරීම ගැන ඈ සතුටු වුනත් තාමත් ඈට ඔවුන් අතරදි සුපුරුදු චකිතය දැනීමට වීම ඈව පසුපස්සට ඇද්දා. ඒ ඇරත් ඈ දැන් සිටියෙ තවත් සිත් රිදවීම් දරාගැනීමට හැකි මොහොතක නොවේ.

ඈට අවශ්‍ය වුයේ තනිවීමටයි..
තනිවීමට??!
නෑ.. ඇයට අවශ්‍ය වුයේ ඈව තේරුම්ගත හැකි කවුරුන් සමඟ හෝ තනිවීමටයි..
ඒත්...
ඒ කා සමඟද..

|| To My Rain || KNJ | ✔Where stories live. Discover now