වදන් මිමිනීමට අකමැති වූ ඈ හිස දෙපසට සැලුවා.

ඈ දෙස මඳක් වෙලා බලාසිටි ඔහු කතා කලා.

"ඔයා හැමදාම එකම එක දේ කලාමත් ඒක ඔලුවට වදයක් වෙනවා.ඉතින් වෙනසකට එක්ක ඇවිදින්න යන්න."

"මන් ඒකට අකමැති නෑ..
ඒත්.." ඈ පැවසුවා.

"ඒත්.. ඇයි?"

"තනියම ඇවිදින්න යන එකට මන් ආස නෑ." ඈ සුසුමක් සැලුවා.

"මන් කලින් හිතුවා තනියම ඉන්න එක හොඳ ඇති කියලා. බැඳීම් වලට කොටුවෙලා ඉඳිද්දි තනියම ඉන්න එකෙන් නිදහසක් ලැබෙයි කියලා මන් හිතුවා.ඒත් බැඳීම් වලට හුරු වෙලාම තනිකම දැන් මට ආගන්තුක වෙලා..
ඒක මාව බය කරන්න පටන් අරන්."ඉදිරිය බලා පැවසූ ඈ අවසානයෙ ඔහු දෙස බැලුවා.

"අපි හැමෝම එහෙමයි..
බැඳීමක ඉද්දි වෙලාවකට තනිකමට ආස කලත් තනිවුනාම කවුරුහරි ලඟින් ඉන්නවනම් කියලා හිතනවා.
ඒක මිනිස්සුන්ගෙ හැටි.." ඔහු ඈ දෙස බලාගෙනම පැවසුවා.

ඈ හිස සලමින් ඔහුගෙ අදහස පිලිගෙන ඉදිරි පස බලාගත්තා.

තවමත් ඔහුගේ දෑස් දෙස බැලීමේදි ඇගෙ සිතට චකිතයක් දැනුනා.
ඒ බැල්මේ කුමක් හෝ අමුත්තක් ඇගේ සිතේ සැරිසැරුවා.

"Chuncheon වල ජේඩ් ගාර්ඩ්න් එක ගැන අහලා තියේද?" මඳ නිහඬතාවයකින් පසු ඔහු විමසුවා.

"ම්ම්.. නෑ.."

"මෙහෙ ඉඳන් පැයක විතර ගමනක් තියෙන්නෙ.ඒකෙ යුරෝපියන් සම්භවයට හුරුයි.. Walking path තුනම ලස්සනයි.මන් කාලෙකින් නම් ගියෙ නෑ.ඒත් යන්න හොඳ තැනක් ඇවිදින්න.."

ඈ හිස සලමින් ඔහුගෙ කටහඬට සවන් දුන්නා.

"ඉතින් හෙට ඒ පැත්තෙවත් ඇවිදින්න යන්න.."ඔහු අවසානයේ එසේ පැවසුවා.

"මන් කිවුවනෙ නම්ජුන්ශි.මන් තනිය.."

"මට ඒ පැත්තෙ පොඩි වැඩක් තියෙයි. සමහරවිට මන් ඒ පැත්තට එන්න ඉඩ තියෙයි."

ඇගෙ වාක්‍ය අවසන් කරන්නට ප්‍රථම ඔහු කියූ වදන් ඇගේ දෑස් පුදුමයෙන් ලොකු කලා.

'ආහ්.. එයා කියන්නෙ එයත් එක්ක ඇවිදින්න යන්න එන්න කියලද!මොකාක්!!!' ඇගේ සිත පුදුමයෙන් ප්‍රශ්න කලා.

|| To My Rain || KNJ | ✔Where stories live. Discover now