සිනහ සෙන විට වල ගැහෙන කම්මුල් මෙන්ම මයික් එක වටා එතුනු ඔහුගේ දිගු ඇඟිලි ඈට සිහිවුනා.

උසට සරිලන ලෙස වැඩී තිබූ ඔහුගේ ඇඟේ මාංශ පේශීන් කැපී පෙනෙන ආකාරයට දැවටුනු විවිධ වූ ඇඳුම් පැළඳුම් ගැන ඈ සිහි කලා.

ඔහු සිහිනයක් වුනා.
පරිපූර්ණත්වයෙන් උතුරා යන සිහිනයක් වුනා.
ඇගෙ සරල මෙන්ම සාමාන්‍ය වූ ජීවිතයට ඔහු සැබෑ ලොව නොසිටින සිහිනයක් වැනි පුද්ගලයෙක් වුනා.

එහෙත් දැන් ඈ ඉදිරියේ දැන් ඒ පරිපූර්ණ වූ ආලේපන වලින් වැසුණු මුහුණ තිබුනේ නෑ.
ඔහුටත් තිබුනේ සාමාන්‍ය පුද්ගලයෙකුගෙ මෙන් පැල්ලම් කිහිපයක් තිබූ මුහුණක්.
ඔහුගෙ පියකරු සිනහව තාමත් ඇය දැක තිබුනෙ නැති වුනත් ඔහුගෙ දිගු ඇඟිලි තාමත් පෙර මෙන්ම පොත වටා දැවටි තිබුනා.
පෙර මෙන්ම නොවුනත් ඔහුගේ මාංශ පේශීන් තාමත් නිසි ලෙස පවත්වාගෙන යන ආකාරය ඇගෙ අවධානයට ලක්වුනා.
එහෙත් වෛවාරන නොවූ සාමාන්‍ය ඇඳුම් ඔහු ඇඳ සිටියා.

ඔහු පෙර මෙන්ම කඩවසම් නොවූවත් ඩිජිටල් තිර වලින් දුටු තරම් පරිපූර්ණ නොවූවත් ඇගෙ සිතට සතුටක් දැනුනා.
දැන් ඔහු සැබෑවක් මෙන් දැනුනා.
ඔහු සැබෑ පුද්ගලයෙක් මෙන් දැනීම ඈට සතුටක් ගෙනාවා.

"ඔහොම බලන් ඉන්න තරම් මගෙ ඉස්සර තිබුන ලස්සන තියෙනව කියලා මන් හිතන්නෑ." ඔහුගෙ දෑස් නැවතත් ඈ දෙසට යොමු වුනෙ කුඩා සිනහවක් සමඟයි.

ඈ සිනා සුනා. ඇගෙ මුවේ ඇඳුන අවංක සිනහව ඇගේ දෑස් සනාථ කලා.

"ඇයි හිනාවෙන්නෙ..?" ඔහු විමසුවා.

"සතුටු නිසා." ඇය තාමත් පෙර සිනහවෙන්.

"හේතුව?"

"ඔයා දැන් ඇත්තක් කියලා හිතෙනවා නම්ජුන්ශි.."

ඔහුගෙ මුහුණෙ ලාවට සිනහවක් ඇඳුනා.

"හැමෝම පෙන්නන තරම් අඩුපාඩු නැති සීයයට සීයක්ම පරිපූර්ණ මිනිස්සු වෙන්නෑ. හැමෝගෙම ජීවිත වල හිස් තැන් තියෙයි."

ඔහු ඔහුගේ දඟිලි වල රැඳුනු එකම මුදුව කරකවමින් පිළිතුරු දුන්නා.

නිහඬතාවයක්..
ඈට එය බිඳීමට අවශ්‍ය වුනා..

"එයා ලස්සන කෙනෙක් නම්ජුන්ශි... මන් ඊයෙ ෆොටෝ එක දැක්කා ඔයාලගෙ. මට සතුටුයි ඔයා එයාලා එක්ක දැන් සතුටින් නම්.." ඈ මුදුවෙ සිට ඔහුගෙ දෑස් දෙසට තම බැල්ම යොමු කලේ ඔහු පෙරදින තම ට්විටර් ගිණුමේ පල කළ තිබූ ඔහුගේ පවුලෙ පින්තූරය සිහි කරමිනුයි.

|| To My Rain || KNJ | ✔Where stories live. Discover now