"බලාපොරොත්තු තියාගන්න එපා ඔයතරම්. කඳුළු වලට ලොකුම හේතුව ඒක."ඔහුගේ කටහඬ නැවතත්.
"ඒත් ඒකෙ වරදක් තියේද? බලාපොරොත්තු මිනිසුන්ව ජීවත් කරනවා."ඇය ඔහු දෙස නොබලන්නට වග බලා ගත්තා.
"ඒවගේම හෙමීට මරලා දානවා."
"හ්ම්ම්.." ඇය මිමිනුවා.
ඔහුගෙ කතාව සත්‍යක් බව ඇය දැනන් හිටියා.
බලාපොරොත්තු යන වචන මේ දරුණු මිනිසුන්ට පහසුවෙන් බිඳ දැමිය හැකි සියුම් දෙයක් බව ඇය දැනන් හිටියා.
නමුත්..
ඇය බලාපොරොත්තු වලට කැමති වුනා.
ඇය බලාපොරොත්තු වලට ආදරේ කලා.
ඒවා ඇයව ජීවත් කලා.
අද වෙනතුරු ඇයව ජීවත් කලා.ඇය ඔහු දිහා බැලුවා.
පලවෙනි වතාවට ඔහු දෙස බැලීමට ඈ තීරණේ කලා.
ආසනේ එහා කොනක ඉඳගෙන සිටි ඔහුගෙ ඒ දිගු දෙනෙත් ඈත කොනකට යොමු වී තිබුනා.
පෙර එළියම ඒවායින් දිස් නොවුනත් තවමත් එහි ආලෝකයක් සැඟවී තිබෙන බව ඈට සිතුනා.
තද දුඹුරු පැහැය හා මුසු වූ කළු පැහැ කොණ්ඩය නිදහසේ විසිරී තිබුනා.
හැමවිටෙක මෙන්ම දැනුත් ඔහුගේ මුහුනෙන් භාගයක්ම මුහුණු ආවරණයකින් වැසී තිබුනා.
එකිනෙකට පැටලුනු දිගු දෑඟිලි වලින්ම තම පිටි අත්ලට තට්ටු කරමින් ඔහු යම් කල්පනාවක නිමග්නව සිටි අයුරු ඈ නිදහසේ රස වින්ඳා.
"හැමදේකම අඳුරක් වගේම එලියකුත් තියෙනවා. ඉතින් මන් එලිය ගැන හිතලා සතුටු වෙනවා." ඇය හෙමින් මිමිණුව මුත් එය ඔහුට ඇසීමට තරම් ප්‍රමාණවත් වුනා.
ඔහු ඇය දෙස බැලුවා.
ඔහුගෙ දිගු අඳුරු දෙනෙත් ඇගෙ දුඹුරු මෙන්ම තෙත් වූ දෑස් දෙස බැලුවා..මඳ වෙලාවක් ඇගේ දෑස් දෙසම ඔහු බලන් හිටියා.
ඔහු යමක් කීමට හඬ අවදි කරන්නට හැදුවා.
ඒත් දුරකථනයක නාදයක් එයට බාධා කලා.
ඒ ඔහුගේ දුරකථනය..
ඇමතුමට සම්බන්ධ වූ ඔහු අවසානයට පැවසූ දේ ඇයට ඇසුනා.
"හරි. මන් එන්නම්." ඔහු නැගිටීමට සූදානම් වුන නිසා ඇයද සිටගත්තා.
DU LIEST GERADE
|| To My Rain || KNJ | ✔
Fanfictionආදරණීය වර්ෂාව... ඇදහැලෙන්න තව එක මොහොතක්.. _It's Raining Under My Umbrella_ _Cuz I wanna feel YOU little more_ (All from my imagiNatiOn) Started -13.April.2021 Completed -24.July.2021
•Day 10•
Beginne am Anfang