ඒ බව ඇය දැන සිටියා.

ඇගේ මුරන්ඩු හදවත ඇගේ මොළය විසින් ගත් යම් තීරණ අභිබවා ගියා.

ඒත් අවසානයේ..
සිත වුවද මොළය වුවද..

ඒ ඇයයි..

_____________

වීදුරු දොරෙන් ඇතුල බැලූ ඇයට එහි යමෙකු ඉඳගෙන සිටින ආකාරය දකින්නට ලැබුනා.
එහෙත් ඇයට මේ මොහොතේ අවශ්‍ය වූ එකම දේ වූවෙ යම් සහනයක්..

ඇගේ සහනය වූයේ යම් මිතුරෙකුයි..

ඒත් ගොඩනැගිල්ලක සිර වූ කොල කැබලි වලින් මෙන්ම පරිගණක තිර වලින් වටවූ ඇගේ වෘත්තීය ජීවිතයේ එකම මිතුරා වූයේ වර්ෂාවයි...

ඉඳින් එලියේ ඇදහැලෙන මිතුරා දෙස නිදහසේ බැලීමට ඇයට අවශ්‍ය වුනා.

"ම්.." මාස්ක් එකක් මෙන්ම හූඩ් එක නිසාවෙන් ආවරනය වී සිටි එම පුද්ගලයා ඇගේ පැමිණීමෙන් ගැස්සෙන අයුරු ඈ ඇස් කොනින් දුටුවා.

ඒත් ඇගෙ දෑස් ඉදිරියට යොමු වුනා.

"මට සමාවෙන්න.
මන් මෙතන ඉන්නද..
ගොඩක් වෙලාවක් ගන්නෑ.විනාඩි ගානක්..
කරුණාකරලා.."

ඇය ආයාචනා කලා.
කොරියානුවෙක් මෙන් පෙනුන නිසාවෙන් ඈ ඊට සුදුසුම කොරියානු භාශාව යොදාගත්තා.

"ම්ම්.. ඒත්.."
ඇයට ප්‍රථම වතාවට ඔහුගෙ කටහඬ ඇහුනා.

ඒ හඬ සුපුරුදු බව ඇයට දැනුනත් විවිධ සිතුවිලි වල අතරමන් වූ ඇගෙ හිත මේ මොහොතේ ඇයට එය දැනෙන්නට ඉඩ දුන්නෙ නෑ.

"විනාඩි පහක්..කරුණාකරලා.."ඇගේ හඬ යම්තාක් දුරට බිඳෙන බව ඇයට දැනුනා.

"ම්ම්ම්.. හොඳයි.. ඉන්න.."ඔහු නැගිටීමට සැරසෙන අයුරු ඈ දුටුවා.

"ඉන්න..යන්න එපා.. මන් ගොඩක් වෙලා ඉන්නෑ.."
ඇය තවමත් ඉදිරිය බලාගෙන.

ඔහු එයින් සන්සුන් වුනා.

ටික වෙලාවක් වර්ෂාව දෙස බලාසිටි ඇගේ මුවින් වදන් පිට නොවූ නමුත් ඇගේ මනස අඳෝනා දුන්නා.

ඇය කෑගැහුවා.
ඇය පැමිනිලි කලා.
ඇය වර්ෂාවට ඇගේ දුක කිවුවා.

ඒත් කිසිවෙකුට එය ඇසුනේ නැති බව ඇය දැනසිටියා.
එහෙත් ඇයට සැනසීමක් දැනුනා.

|| To My Rain || KNJ | ✔Where stories live. Discover now