Chapter 9

724 227 17
                                    


Mina's View

ජීවිතේ කියන්නෙ හරි පුදුම නවාතැනක්...

අපිට බැදීම් ඇති වෙනවා..බැදීම් නැතිවෙනවා..

මගෙ ජීවිතේ තිබ්බ ලස්සන හීනයක් මං ඉෂ්ට කරගත්තා..ඔව්..මං ඉංග්‍රිසි ගුරුවරියක් වුණා..

ජීවිතේ අංග සම්පූර්ණයි කියලා මට දැනුනෙ මගෙ නම්ජුන් මගෙ වුණ දවස‌ෙ වගේම සරෝ මගෙ අත්දෙකට ආපු දවසෙ..මම ඔම්මා කෙනෙක්..ලස්සන රෝස මලක් මගෙ අත්දෙක උඩ ඉන්නකොට මට දැනුනෙ ඒ සතුට හැම ලේ නහරයක් දිගේම යනවා වගේ..

ඒත්..ඒ සතුට..

ඒ සතුට හරියටම මම වින්දෙ අවුරුද්දයි..

මගෙ සරෝගෙ අවුරුද්දෙ උපන්දිනේ ළං වෙද්දි මට පිළිකාවක් කියලා දැනගන්න ලැබුණා..ඒ වෙලාවෙදිමයි මගෙ ජීවිතේ ගැන මට අවිශ්වාසයක් දැනුනෙ..

බෙහෙත් බිබී,වේදනා විදගෙන මම ජීවත් වෙන්න පොර බැදුවෙ මගෙ සරෝ වෙනුවෙන්..නම්ජුන් වෙනුවෙන්..

ඒත්...

යන්න නියමිත දවස ආවම යන්නම වෙනවා..

මගෙ ඔප්පයි,ඔප්පාගෙ වයිෆුයි සරෝව බලාගන්න ඉල්ලුවා..ඒ දෙන්නා එයාලගෙම දරුවෙක් වගේ සරෝව බලාගනී..මට විශ්වාසයි..ඒ වුණත්..මං නැති දාක..ජුනීට ඉතුරු වෙන්නෙ සරෝ විතරයි..ඒ නිසයි මම ජුනීගෙන් පොරොන්දුවක් ගත්තෙ..මොනදේ වුණත් සරෝව කාටවත්ම දෙන්න එපා කියලා..

එක දවසක...

මට දැනුනෙ ලොකු නිදහසක්...මාව නිකන් පාවෙනවා වගේ නිදහසක්..මම බැලුවෙ වටපිට..

ඒත් එතකොටයි මම දැක්කෙ...

මම ඉන්නවා..හොස්පිටල් එකේ ඇදක් උඩ..

ඒ කියන්නෙ..මං..හැමදේම අතඇරලා..මට දැන් යන්න වෙනවා..

ඩොක්ටර්ස්ලා මට පණ දෙන්න උපරිම උත්සහ කරද්දි මං ආයෙමත් මගෙ නිසල සිරුරට ඇතුළු වෙන්න ගොඩක් උත්සහ කරා..ඒත්..මට ආයෙමත් මගෙ ඇගට යාගන්න බැරි වුණා..

මම උත්සහය අතඇරලා වටපිට බලද්දි දැක්කෙ නම්ජුන්ව..බිම දණගහගෙන හිටිය නම්ජුන් ඇවිල්ලා මගෙ පණ නැති ශරීරයේ නළලට හාදුවක් දුන්නා..

"ජුනී..මං ඉන්නෙ මෙතන..."මං කෑ ගැහුවා...

ඒත්...එයාට මාව ඇහෙන්නෙ නෑ..මොකද...

දැන් මම මැරුණ කෙනෙක්..

******

මගෙ මිනිය හරිම නිස්කලංක පාටයි..සුදු ඇදුමක් ඇදගෙන පෙට්ටිය ඇතුළෙ හිටිය මගෙ මිනිය එහා පැත්තෙන් තිබ්බෙ මගෙ චිත්‍රයක්..ඒක ඇන්දෙ මගෙ සරෝ..

I love you mummy...

ඒක දැක්කම මට ආයෙමත් සරෝ ගාවට යන්න ආසාවක් දැනුනා..

ඒත්...

දැන් මම පරක්කුයි...

"ඔන්නි..බලන්නකෝ..මේ අප්පා මගෙ කොණ්ඩෙ පීරන්නෙ නෑ.."කොණ්ඩෙත් ලෙහාගෙන කටත් උල්කරගෙන යුන්හී ගාවට ගිය සරෝ දිහා මං බලාගෙන හිටියා..

"අහ්..අප්පාට මහන්සි ඇති පැටියෝ..එන්නකෝ..ඔන්නි පීරන්නම් හරිද?" සරෝව ඔඩොක්කුවට ගත්ත යුන්හී සරෝගෙ කොණේඩෙ පීරන විදිහ මං බලාගෙන හිටියා..

මට පුළුවන් බලාගෙන ඉන්න විතරයි..

වෙන කිසිම දෙයක් කරන්න බෑ..

අඩුම තරමේ...

එයාලා එක්ක කතා කරන්නවත් බෑ..

ඒත්...

මං එයාලා එක්ක ඉන්නවා..

හැම තත්පරේකම...


Appa | Namjoon Centric | CompletedTempat cerita menjadi hidup. Temukan sekarang