Chapter 5

782 236 13
                                    


Namjoon's View

"Joonie..you are going to be a father.."මිනාගෙ කටින් ඒ වචන අහපු වෙලාවෙ මට දැනුන සතුට කියලා නිම කරගන්න බෑ..මං මිනාව උස්සලා වටයක් කරකැව්වෙ හිතේ සතුට කඳුළු වෙලා ඇස් වලින් දොරෙ ගලද්දි..

එදා ඉඳන් මං මිනාවයි මගෙ පැටියවයි බලාගත්තෙ මැණිකක් පරිස්සම් කරනවා වගේ..

මිනාට සරෝ ගැන ගොඩාක් හීන තිබුණා..එයාට ඕනෙ වුණා සරෝවත් english teacher කෙනෙක් කරවන්න..හරියට මිනා වගේම..

ඒත්...

මිනාට පිළිකාවක් කියලා දැනගන්නකොට සරෝට අවුරුද්දයි..

මිනා පුළුවන් තරම් ශක්තිමත් වෙන්න උත්සහ කරා..සරෝට දැනගන්න ඉඩ තිබ්බෙවත් නෑ එයාගෙ ඔම්මා ඉන්නෙ අසනීපෙන් කියලා..

එකපාරක් අපි මිනාව හොඳ කරගත්තා..ඒත්...

ආයෙමත් එයාගෙ ඇඟේ වෙන තැනකින් පිළිකාව මතුවෙන්න පටන් ගත්තා..

අවුරුදු පහක්..අවුරුදු පහක් එයා ජීවිතෙත් එක්ක පොර බැද්දා..මං වෙනුවෙන්,සරෝ වෙනුවෙන් ජීවත් වෙන්න එයා උපරිම උත්සහ කළා..

ඒ ගෙවපු අවුරුදු පහේ එයා වැඩිම කාලයක් ගත කළේ cancer hospital එකේ..

එයාව හොඳ කරගන්න අපි නොකරපු දෙයක් නෑ..

මම,එයාගෙ ඔප්පා එයාව බෙහෙත් කරන්න හැම තැනටම එක්කගෙන ගියා..

ඒත්..ඒ හැම බෙහෙතම වැඩ කරේ ටික දවසකට විතරයි..

කොච්චර බැඳීමක් තිබුණත් හැමෝටම මේ ලෝකෙන් යන්න වෙනවා කියලා අපි හැමෝටම පෙන්නලා මගෙ මිනා යන්න ගියා..

Appa | Namjoon Centric | CompletedWhere stories live. Discover now