Namjoon's View
මම හිටියෙ මිනාගෙ ඇද ගාවට වෙලා..සේලයින් බටෙන් බිංදු බිංදු එයාගෙ ඇගට ඇතුළු වෙනවා බලාගෙන ඉන්නකොට මට දැනුනෙ වේදනාවක්..ඔක්සිජන් මාස්ක් එකෙන් එයාගෙ මූණ වැහිලා...
'අනේ ඉක්මනට නැගිටින්න පණ..ඔයා ඔහොම ඉන්නකොට මට දරාගන්න බෑ..'මම හිතුවෙ මිනාගෙ මූණ දිහා බලාගෙන..ඒත්..එයාට ඒක දැනෙන්නෙ නෑ..
මම මිනාගෙ අතට හාදුවකුත් දීලා එළියට ආවෙ වාහනේ තිබුණ මිනාගෙ බෙඩිෂීට්ස් ටික අරගෙන එන්න..
මම අහස දිහා බැලුවා..අහසෙ එක තරුවක් හරි ලස්සනට පායලා තිබුණා..මං ටිකක් බලාගෙන හිටියෙ ඒ තරුව දිහා..ඒත් මං බලාගෙන ඉන්නකොටම ඒ තරුව ටිකෙන් ටික නොපෙනී යන්න පටන් ගත්තා..මම තවත් වුවමනාවෙන්ම බැලුවත් මට ඒ තරුව පේන්නෙ නැතුවම ගියා..
එකපාරමට මගෙ හිතට දැනුනෙ ලොකු බරක්..විදුලියක් වගේ මට මතක් වුණේ මගෙ මිනාව..හිත අනියත බයකින් වෙව්ලුම් කද්දි මං දිව්වෙ මිනාගෙ රූම් එකට..
මං යද්දි...
ඩොක්ටර්ස්ලා මිනාගෙ ඇගට හයි කරලා තිබ්බ මැෂින්ස් ගැලෙව්වා..නර්ස් කෙනෙක් මිනාගෙ සේලයින් එකත් ගැලෙව්වා...
මගෙ අතේ තිබ්බ බෑග් එක මටත් නොදැනී අතෙන් ගිලිහිලා බිමට වැටුණෙ හිත අසරණකමකින් පිරිලා යද්දි..අපේ ජිවිතේ සිද්ධ වුණ ලස්සන දේවල් හැමදේම එකගානෙ මගෙ හිතෙ අපැහැදිලි ඡායාවක් වගේ මැවුණා..
මගෙ මිනා....
මාව දාලා ගිහිල්ලා...
එයා එයාගෙ පොරොන්දුව ඉෂ්ට කරා..
එයා..
අන්තිම මොහොතෙදි...
මාව මගඇරියා...
YOU ARE READING
Appa | Namjoon Centric | Completed
Fanfiction"අප්පා..මගෙ ඔම්මා කොහෙද??" මං මෙච්චර කාලයක් මග ඇරපු ප්රශ්නෙ මගෙ සුංරගනාවි ආයෙමත් අහනවා.. මං කොහොමද පැටියො ඔයාට කියන්නෙ?? ඔයාගෙ ඔම්මා අපිව දාලා ගොඩාක් ඈතට ගිහින් කියලා..