Chapter 4

811 239 12
                                    

Namjoon's View

අද සරෝ ඉස්කෝලෙ යන පළවෙනි දවස..

"අප්පා...මං ලෑස්තියි.."පුංචි රතු පාට ගවුමක් ඇඳලා දිග කොණ්ඩෙට පෝනි ටේල් එකක් දාලා හිටිය සරෝව පෙනුනෙ සම්පූර්ණයෙන්ම සුරංගනාවියක් වගේමයි..

රතුපාට..

මිනාගෙ කැමතිම පාට..මිනා ඇන්දෙම රතු පාට..වෙන පාටක එක ඇඳුමක්වත් එයාට නැති තරම්..අපේ කාර් එකත් මං රතුපාටින්ම ගත්තෙ මගෙ මිනා ඒකට ගොඩක් කැමතියි කියලා දන්න නිසා..එදා එයා ගොඩාක් සතුටු වුණා..

දැන්..

මිනාගෙ අඩුව මකන්නෙ සරෝ..

එයා මිනා වගේමයි...

මිනාගෙ ලස්සන අඩුවක් නැතුව තවත් වැඩියෙන් මගෙ සරෝට ලැබිලා..

සරෝගෙත් කැමතිම පාට..
රතුපාට..

සරෝට මොන මොන පාටින් ඇඳුම් ගෙනත් දුන්නත්..එයා අඳින්නේම රතුපාටින්..

මං සරෝව තුරුළු කරගත්තා..

"මගේ පැටියා හරිම ලස්සනයි.."මං කිව්වෙ නළලට හාදුවක් දෙන ගමන්..සරෝ ලස්සනට හිනා වුණා..

මං ඉස්කෝලෙට ආවෙ සරෝව ඉස්කෝලෙට භාර දෙන්න..

අනිත් ළමයි හැමෝගෙම ඔම්මයි අප්පයි දෙන්නම හිටියත්...

මගේ ⁣සරෝට ඉන්නෙ මං විතරයි..

"අප්පා..මට බයයිනෙ.."සරෝ මගේ සුළැඟිල්ලෙ එල්ලුණා..

"බය වෙන්න එපා මගෙ මැණික..අප්පා ඉන්නවනේ..ඔයාට පේන්නෙ නැති වුණත්...ඔම්මත මෙතන ඉන්නවනේ.."මං කිව්වෙ කෙල්ලගෙ කොණ්ඩෙත් හදන ගමන්..

"ඇත්තටම ඔම්මා මෙතන ඉන්නවා නේද අප්පා??"⁣සරෝ ඇහුවෙ සතුටින් හිනාවෙන ගමන්..

"ඔව් පැටියෝ..ඔම්මා මෙතනම ඉන්නවා.."මං කිව්වා..

ඔයා ඉන්නවා නේද මිනා? ඔයාගෙ සරෝ ගාව ඉන්නවා නේ්ද ඔයා?

Appa | Namjoon Centric | CompletedWhere stories live. Discover now