chapter 23🔥

2K 457 136
                                    

Chapter 23

"ආහ්...මගෙ ඔලුව!!"

ජන්ග්කුක්ගෙ ඔලුවෙන් දැනුන තද වේදනාවත් එක්ක එයා ඇස් ඇරියත් හතරවටේම කලුවර විතරක් තිබුන නිසා කිසිම දෙයක් පෙනුනෙ නෑ.. ඒත් එක්කම කලින් උන හැමදේම ජන්ග්කුක් ට මැවිල පෙනුනේ හිතේ ලොකු බයක් එක්කමයි..

"හ්‍යුන්.. ඔයාලා කොහෙද?? හ්‍යුන්!!!"

"කුක්... ඔයා නැගිට්ටද.. අපි ඉන්නවා.. බයවෙන්නෙපා!"

හත්දෙනාම හිටියෙ එකලග උනාත තිබුන අසීමිත අදුර නිසා එකිනෙකාට එකිනෙකාව පෙනුනෙ නෑ..

"අම්බෝ...!"

"යුන්ගි හ්‍යුන්.. ඇයි?? මොකක් හරි උනාද?"

යුන්ගි ගෙ කටහඩ ඇහුනාම ජිමින් කලබල උනේ මොකක් හරි කරදරයක් කියලා හිතලා.. ලගම හිටියට කාවවත් පේන්නැති නිසා හැමෝම හිටියෙ නොසන්සුන් වෙලා..

"නෑ.. කුක් කිව්වාම මං බයවුනා.."

"ඒ මොකද?"

"ලට් කියයි කියලා!"

යුන්ගි එහෙම කිව්වාම කොහෙන්දෝ මන්දා හිකිස් ගාන සද්දයක් ආවා.. ඒ හෝසොක් කියලා අදුනගන්න කාටවත් අමාරුවුනේ නෑ..

"මෙච්චර එකක් වෙලා තියෙද්දි හ්‍යුන් මරු කියෝනවා!"

"මෙච්චර එකක් වෙලත් යහතින් ඉන්න එක ගැන හිතනවා මනුස්සයෝ!"

ජිමින් සැරෙන් වගේ කිව්ව එකට යුන්ගි එහෙම කියලා බිත්තියට හේත්තු උනා..

"අපිව ගැටගහලද? ආහ් නෑ අත් දෙක ගැටගහලා නෑ..මොන මගුලක්වත් පේන්නෑනෙ අනේ.. මං ගාව කව්ද මේ ඉන්නෙ"

ටේහ්‍යුන් එහෙම කියලා අත දෙක දෙපැත්තට දාලා ලග දෙපැත්තෙ දෙන්නව අතගාන්න ගත්තා..

"යා යා!! කොහෙද ඔය අල්ලන්නෙ..ටේ පිස්සුද මනුස්සයෝ!!"

"යා..හ්‍යුන්... අත ගන්නවා!! ඔය කොහෙද මිරිකන්නෙ!!"

"හරි..වමේ ජිමිනා දකුනේ ජන්කුකා!"

කට්ටියගෙම හිතේ තිබ්බ නොසන්සුන් ගතිය ටේහ්‍යුන් ගේ පිස්සු වැඩ වලින් ටිකක් අඩු වුනා..

"මෙහෙම ඉදලා බෑ.. ඉස්සල්ලා අපි ඉන්නෙ කොහෙද කියල හොයාගන්න ඕන!"

අග්නි✔️Tempat cerita menjadi hidup. Temukan sekarang