chapter 20🔥

2K 472 173
                                    

"ජෝ...ඔදියා.."

මගේ ඔලුව ඇතුලෙන් එකදිගට එකම කටහඩක් ඇහෙන්න ගත්තා..එකපාරට දැනුන වේදනාවල් එක්කම මං හිමීට ඇස් ඇරියා.. මං හිටියේ මීට කලින් කවදාවත් දැකපු නැති තැනක.. හතරවටේම කලුවරයි.. වටපිටාවත් සීතලයි.. අමාරු පැත්තක තියලා නැගිටින්න හැදුවත් මට දැනුනේ මගේ අතපය ගැටගහලා වගේ.. ඒත් මගේ අතපය වල කිසිම ලනුවක් වත් පටියක් වත් තිබුනේ නෑ

"ජෝ.... ඔදියා... ජෝ.."

මගෙ ඔලුව ඇතුලෙන් ඇහෙන කටහඩ කුක්ලට් ගේ කියලා මං පියවි සිහියට එනකොට තේරුනා.. ඒත් එක්කම කලින් උන දේවල් එකින් එක මට මතක් වෙන්න ගත්තා..

කුක්ලට් කිණිස්ස මගේ සලකුණ ලගින් තියනවා.. ඊටපස්සෙ මං බිමට වැටෙනවා. එතනින්  එහාට උන දේවල් මගේ ඔලුවේ තියෙන්නෙ අපැහැදිලි චිත්‍රයක් වගේ..

"අහ්.. මෙන්න කුමාරිකාව නැගිටලා.."

කලුවර අතරින් ඇහුන කටහඩට මං ගැස්සිලා කටහඩ ආව පැත්ත බැලුවා..
***************************************************

A/p

"හ්‍යුන්... අනේ මට බයයි හ්‍යුන්..ජන්ග්කුකා ට කරදරයක් වෙලා ඇතිද?"

ටේහ්‍යුන් නම්ජූන් ගේ දිහා කදුලු පිරුනු ඇස් වලින් බලාගන වෙව්ලන කටහඩකින් එහෙම ඇහුවත් නම්ජූන් ට දෙන්න උත්තරයක් තිබ්බෙ නෑ..

"ම්..මටත් හිතාගන්න බෑ ටේ... අපිත් කොහොමහරි මානෙන් ඇතුලට ආව එක ගැන සතුටු වෙන්න.. දැන් අපිට ඒ දෙන්නව හොයාගන්න පුලුවන් කියලා පොඩි බලාපොරොත්තුවක් හරි තියනවානේ"

නම්ජූන් එහෙම කියලා ටේහ්‍යුන් ගේ ඔලුව අතගෑවා..

"අර සේහි කියන ගෑනිව මට අහුවුනොත් ඒකිට මගේ අතෙන් මොනා වෙයිද කියලා මට හිතාගන්න බෑ!"

යුන්ගි කේන්තියෙන් අත මිටමොලවගන ජින් දිහා බලන ගමන් එහෙම කිව්වා..

"නෝවාට මොකද උනේ කියලා මට හිතාගන්න බෑ.."

"හ්‍යුන්!!! මෙච්චර දෙයක් උනාට පස්සෙත් ඔයා තාමත් ඒ ගෑනි ගැන හිතනවද! හ්‍යුන් නෝ මිස්සාච්චො!.. ඔයා නිසා තමයි මේ හැමදේම!"

ලේසියෙන් කේන්ති යන්නැති හෝසොක් මේ වෙලාවෙ ජින් දිහා බලාගන එහෙම කිව්වේ හුගක් කේන්තියෙන්.. ඒත් ජින් හෝසොක් කිව්ව කිසි දෙයක් ගනන් ගත්ත බවක්නම් පේන්න තිබ්බේ නෑ.... තමන්ගෙ ලොකුම අයියගේ වෙනසක් හැමෝටම පෙනුනත් ඒක ගැන අවදානයක් දෙන්න පුලුවන් මානසිකත්වයක් කාටවත් තිබ්බෙ නෑ..

අග්නි✔️Where stories live. Discover now