Chapter 10🔥

2.6K 510 52
                                    

දිව ගිලෙන්න තරම් ලොකු පිපාසයක් එක්කම තිබ්බ ඇගේ අමාරුව හින්දා මං අමාරුවෙන් ඇස් ඇරියා..

"යා....ඉයුන් ජෝ ට සිහිය එනවා.."

"ඉයුන් ජෝ.. ඔයාට කොහොමද ..."

හතර වටෙන්ම ඇහුන එක එක කටහඩවල් වල අයිතිකාරයෝ අදුනගන්න මට ටිකක් වෙලා ගියා... වටපිටාවට හොදටම හැඩගැහුනට පස්සෙ මට උන දේවල් එකින් එක මැවෙන්න ගත්තා.. කුක්ලට් නිල් පාට උනා.. මගේ බෙල්ල ඒක..... එතකොට ඩේමන් ලා රහස දැනගන්න ඇතිද...

ඒ සිතුවිල්ල එනවත් එක්කම මං හතරවටේ බැලුවෙ ඩේමන් මෙතන ඉන්නවද කියලා බලන්න..

"කාවද හොයන්නෙ ඉයුන් ජෝ??"

"න් නෑ ඔන්නි.. ම්.. මේ ඩේමන්.."

මං එහෙම කියනවත් එක්කම කට්ටිය මූනට මූන බලාගත්තා..

"ශිට්!!!"

ලග තිබ්බ මල් පෝච්චියත් පොලේ ගහගනම නැගිටලා කාමරෙන් එලියට යද්දි මං දැක්කෙ කුක්ලට් මං ගාව මෙච්චර වෙලා ඉදලා තියෙන්නෙ කියලා.. කට්ටියගෙ හැසිරීමෙන් මට තේරුනා මං කිව්ව දේ එයාලා වැරදියට තේරුම් අරන් කියලා..

"ඔයා ඇයි ඩේමන් ව හොයන්නෙ ඉයුන් ජෝ?"

ජින් ඔප්පා එහෙම ඇහුවෙ එච්චර හිත හොදකින් නෙවෙයි කියලා මට ඒ කටහඩෙන් තේරුනා..

"න් නෑ ඔප්පා.. මං හිතුවා මට අමාරු වුන වෙලාවෙ ඩේමන්ලා මගේ ගැන දැනගන්න ඇති කියලා.. ඒකයි මං ඇහුවේ.."

මං එහෙම කිව්වාම කට්ටියගෙම මූනෙ ලොකු අනුකම්පාවක් ඇදුනා..

"ඒක නෙවෙයි.. ඔයාට මොකද උනේ?? අපි හුගක් බයවුනා.. කුක්ලට් ඔයා ඇස් අරින්කල් එයාගෙ ඇස් වල කදුලු පුරෝගන හිටියෙ.."

හෝබි ඔප්පා කිව්ව දේ ඇහුනාම මට ලොකු සතුටක් දැනුනා.. කුක්ලට් මං ගැන හිතනවා.. ඒ කියන්නෙ එයා මට ආදරෙයි.. මං වගේම.... ඔව් මං එයාට ආදරෙයි.. කවදා කොහොම උනාද කියලා නොදන්නවා උනත් මං කුක්ලට් ට ආදරෙයි කියලා මං දන්නවා..

"සලකුන තියන තැන පිච්චෙනවා වගේ දැනුනෙ.. මුලින් මං ඉවසගන හිටියා ඒත් අන්තිමට ඒක හුගක් රිදෙන්න ගත්තා..මියානේ.."

අග්නි✔️Where stories live. Discover now