chapter 05🔥

2.5K 537 98
                                    

ගොඩක් ස්තූතියි ❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ගොඩක් ස්තූතියි ❤️







කුක්ලට් මාව ඇදගන ආවෙ හරියට මරන්න ගෙනියන හරකෙක් ඇදගන එනවා වගේ.. මාත් ඉතින් පොලෝ මට්ටමෙන් අඩි ගානක් උඩින් පාවි පාවි ආවා..ඒ යන අතරමගදි මගෙ කකුලෙ සුලැගිල්ල බිත්තියෙ කොනක වැදුනත් මං කාගනම හිටියෙ කුක්ලට් හිටිය මූඩ් එක ඒතරම් හොද නැති හින්දා..

කුක්ලට් මාව කාමරේට තල්ලු කරලා දඩාං ගාලා දොරත් වහලා මගෙ දිහාට හැරුනා.. ඒ වෙලාවෙ මට දැනුන බය කොච්චරද කියනවනම් මට හුස්ම ගන්නත් බැරිවුනා.. ඒ තරම් බයහිතෙන විදියට එයා මං දිහා බලාගන හිටියෙ..කුක්ලට්  මං දිහා මරන්න තරම් කේන්තියකින් බලන් ඉදලා අඩියට දෙකට මං ගාවට ආවා.. බය වැඩිකමට මට හෙල්ලෙන්නවත් සිහියක් තිබ්බෙ නෑ..

"තමුසෙට කියන දේ කරන්න බැරිද? ඒතරම් ලොකුකමද තමුසෙගෙ! ආ????"

කුක්ලට් මගෙ අත්දෙකේ උඩ හරියෙන් මිරිකලා අල්ලන ගමන් මං දිහා බලාගන කෑගැහුවා.. ඒ ඇස් තැබිලි පාටින් දිලිසෙනවා.. මං තප්පරේකට ඒ ඇස් දිහා බැලුවා.. හිතේ තිබ්බ බය නැතිවෙලා ගියා වගෙයි දැනුනෙ.. මං හිටියෙ ඒ ඇස් වලට වශී වෙලා වගේ.. මං දිගටම කලේ ඒ ඇස් දිහා බලාගන හිටිය එක..

"ජෝ.... තමුසෙට මං කියන ඒවා ඇහෙන්නැද්ද? කියනවා ඇයි කිව්ව දේ කලේ නැත්තෙ??!"

කුක්ලට් ගෙ කෑගැහිල්ල වැඩිවෙනවත් එක්කම මං හොද සිහියට ආවා.. ඒ එක්කම මට ආවෙ කේන්තියක්.. මෙයාලට උදව් කරන්න කැමති වෙලා මං මොකටද තව බැනුමුත් අහන්නෙ.. අනික මට තේරිලා තිබුනෙ කුක්ලට් මේ වගේ හැසිරෙන්නෙ ඇයි කියලා..

මොකද එයාවත් මමවත් අපි දෙන්නට දෙන්නා ආදරේ කරන්නෑ.. ඉතින් මං එයාගෙ ෆ්ලේම් උන එකෙන් එයා ගෙවපු ජීවිතේ එයාට නැතිවෙයි කියලා හිතෙනවා ඇති.. කුක්ලට් හුගක් ම කේන්තියෙන් ඉන්නෙ මං වගේ කෙනෙක් එයාගෙ ෆ්ලේම් උන එකට කියලා මට ඒක අහපු වෙලේ ඉදන් හිතුනා..

අග්නි✔️Where stories live. Discover now